ජාතික අනතුරු නිවාරණ සතිය අද(07දා) සිට ලබන 11වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව එහි සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට පත්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු (04) නිරුපද්‍රිතව මුදා ගැනීමට 2025 ජුලි මස 06 වැනි දින කටයුතු කෙරිණි.
Read Moreහිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 15වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreනැවත දැනුම් දෙන තුරු මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreදේශීය වෙළදපොලේ පොල් මිල සීඝ්‍ර යෙන් පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ යෑම හේතුවෙන් තම ආදායමද වැඩි වී ඇති බව හැටන් නගරයේ පොල් වෙළෙදුන් කියා සිටියි.
Read Moreමේ දිනවල දිගින් දිගටම අලි ඇතුන්ට සිදුවන හානි නිසාවෙන් සතුන්ට නිසි ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍යාංශයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා 06 දින පස්වරුවේ පැවසීය.
Read Moreව්‍යාපාරික ඉලොන් මස්ක් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම හාස්‍යජනක බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
Read Moreහිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථන ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබේ.
Read Moreමෙරට තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල17ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විශ්වවිද්‍යාල 02ක්, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලෙස රජයට අයත් විශ්වවිද්‍යාල පවතින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreපාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේ තීරණ සහ චක්‍රලේඛ ප්‍රකාරව කථානායකවරයාට හිමි වරප්‍රසාද වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබා ගෙන ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳන් කරයි.
Read Moreලිපිගොනු සොයාගැනිමට නොහැකිවිම මත වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 455ක් භෞතිකව හදුනා ගැනිමට නොහැකිවි ඇති බැව් වාරිමාර්ග අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
Read Moreවාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු අද දවහල් ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙලෙස මිය ගොස් ඇත්තේ පිරිමි ළමුන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු වෙයි.ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලීසිය සඳහන් කළේය. දියේ ගිලිණු දරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර වාකරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එච් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
Read Moreමෙරට වයස අවුරුදු 18ට වැඩි තනි පුද්ගලයින් එක්කෝටි,හැටපන්දහස්,හයසිය අසුදෙනෙකු (10,065,680) මෙම වර්ෂයේ මැයි මස 09 වැනිදින වනවිට TIN අංක ලබාගෙන දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවි ඇති බැව් දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ (ජූලි 05) දින ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා හැකියාවන් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වශයෙන් පුත්තලම ප්‍රදේශයේ ස්ථාපනය කෙරෙන ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාල ව්‍යාපෘති භූමියේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. ජපාන රජයේ ආධාර මගින් පිහිටුවනු ලබන මෙම ව්‍යාපෘතිය භාවිතයෙන් ඉදිරියේදී දිවයින පුරා යාවත්කාලීන කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ඇත
Read Moreජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලංකා රජයට මේ දක්වා ලබා දී තිබූ සියලු යෝජනා සම්පූර්ණ කර ඇති බවත් ඉතිරි යෝජනා සියල්ලද සම්පූර්ණ කරන බවත් කෘෂිකර්ම වාරිමාර්ග ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය. ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ අද 03 වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙසේද කීය.
Read Moreමෙම සතියේ පාර්ලිමේන්තුව ලබන 08දා සිට ලබන 11 වැනිදා දක්වා දින 03ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreඅම්පාර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ජන්දයේදි පක්ෂ නායකයින් විසින් තීරණයකට එලඹි ඒ ඒ පක්ෂවලට සභාපති ධුරය ලබා ගැනිමට තීරණය කර තිබු අතර පදියතලාව සභාපතිවරයා තේරිමේදි සමගි ජන බලවේගය මගින් ඒ එකගතාවය කඩා දැමිම නිසා සරේවජන බලය පක්ෂය දෙහිඅත්තකන්ඩිය සභාවේ ඉදිරි වැඩ සදහා සහව නොදෙන බව සර්වජන බලය පක්ෂයේ අම්පාර සංවිධායක රුෂාන් මලින්ද මහතා පැවසිය.
Read Moreනැගෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රි සිවනේසතුරේයි චන්ද්ර කාන්තන් කොහොත් පිල්ලයාන්ගේ ටී.එම්.වී .පී. පක්ෂයේ පක්ෂයේ අම්පාර සංවිධායක එල්.ටි.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වන ඉනිය භාරති නොහොත් කුමාරස්වාමි පුෂ්පකුමාර අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
Read Moreඇමෙරිකානු පක්ෂය නමින් විකල්ප දේශපාලන පක්ෂයක් ඇමෙරිකාවට හඳුන්වා දෙන බව ලෝකයේ අංක එකේ ව්‍යාපාරික එලෝන් මස්ක් සඳහන් කරයි.
Read Moreඑකමිටට ගොවිබිමට ජාතික වැඩසටහනට සමගාමිව ගාල්ල දිස්ත්‍රික්කය තුල මෙවර යල කන්නයේ දි කුඹුරු කැබලි 1308කට අයත් පුරන් කුඹුරු අක්කර 1044ක් පමණ වගාකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ජේ.ඩබ්ලිව්.එස් ප්‍රියන්ජන් මහතා පවසයි.
Read Moreබීමත්ව මගීන් සමග බස් රථයක් ධාවනය කිරීම සම්න්ධයෙන් වරදකරුවු පුද්ගලික බස් රථ රියදුරෙකුට රුපියල් 25000ක දඩයක් නියම කොට ඔහුගේ රියදුරු බලපත්‍රය සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය සිකුරාදා නියෝග කලාය.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන හා අවසන් දිනය සඳහා වන තරගය අද (06දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreදිවයිනේ රණවිරුවන් සඳහා නිවාස ආධාර ලබා දීම සඳහා (අපි වෙනුවෙන් අපි) අරමුදලින් 2010 වර්ෂයේ ජනවාරි සිට 2022 දෙසැම්බර් දක්වා වසර දොළහක කාලයක සිට නිවාස ආධාර ලබාදීමේදී ප්‍රමුඛතාවය නොසලකා හැර ඇති බවත් තෝරා ගන්නා ලද ප්‍රතිලාභීන් අතරින් ක්‍රියාන්විත රාජකාරියේ දී මිය ගිය සහ ආබාධිත රණවිරු පවුල් තිබෙනුයේ සියයට විසි නවයක් බවත් ජාතික විගණන කාර්යාලය මගින් ජුලි මස 4 වන දින නිකුත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරනය වෙයි.
Read Moreදකුණු පළාතේ ගාල්ල, මාතර සහ ඇල්පිටිය යන ප්‍රදේශ වල සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 457 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2025 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය
Read Moreතක්කාලි අස්වනු කිලෝවක තොග මිල රුපියල් පනහකටත් වඩා අඩු අගයක් දක්වා පහත වැටී ඇති බවත් මේ හේතුවෙන් තක්කාලි වගාවේ නියුතු තමන් මහත් අපහසුතාවයට පත්ව ඇති බවත් තක්කාලි වගාවේ නියුතු ගොවිහු පවසති.
Read Moreරුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විස්කි සහ කරදමුංගු තොගයක් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු 07/06 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreවන අලියෙකු ඊයේ (05) අලුයම මැදවච්චිය මහජන බැංකුවට දැඩි හානි සිදුකර ඇති පුවතක් මැදවච්චියෙන් වාර්තා වෙයි.
Read Moreඇමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් හි ඇතිවූ හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ගංවතුරෙන් දිවි ගලවාගත් අය සෙවීම සඳහා සහන සේවකයන් විශාල ප්‍රමාණයක් යොදවා තිබේ.
Read More