කොස්ලන්ද පොලිස් වසමට අයත් නාඋල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි සිය දියණියට බරපතළ ලිංගික අතවර කළ පියෙකු (17) වෙනිදා කොස්ලන්ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම සැකකරු මීට පෙර සිය වැඩිමහල් දියණිය අතවරයට ලක්කර ඇයට දරුවෙකුද ලැබී තිබේ. එම දරුවාගේ පියා ඔහු බවට ඩීඑන්ඒ පරීක්ෂණ වලින්ද තහවුරුවී ඇත.
ඒ සම්බන්ධයෙන් මහා අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතී. එසේ තිබියදී සැකකරු ඔහුගේ බිරිඳ නිවසේ නොමැති අවස්ථාවකදී 14 හැවිරිදි සිය දෙවෙනි දියණියටද බරපතළ ලිංගික අතවර සිදු කර තිබේ.
එම දැරිය සිද්ධිය මවට පැවසීමෙන් පසු පොලීසියට පැමිණිලි කර ඇති අතර වහාම ක්‍රියාත්මකවූ කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ඔසඳ චින්තක සුබසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරු බණ්ඩාරවල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.