මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඔක්තෝබර් මස 28 වන දින සවස් කාලයේ සහ අද දින (2023 ඔක්තෝබර් 29) අළුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවින්ද්‍ර බණ්ඩාර සෙනෙවිරත්න මහතා බීමතින් රිය පදවා අනතුරක් කිරීමේ වරදට වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read Moreඅධි සංවේදී පරිසර කලාපයක් වන හන්තාන ආරක්ෂිත කලාපයට හානි වන ආකාරයෙන් ඉඩම් අලෙවි කිරීමක් හෝ බදු දීමක් තවදුරටත් සිදු වන්නේ නම් එම ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවට හන්තාන පාරිසරික කළමනාකරණ කමිටුවේ දී ඒකමතිකව තීරණය විය .
Read Moreවිශේෂ අවශ්‍යතාවයක් සේ සලකා 2023 යල කන්නයේ නියඟය හා ගංවතුර තත්ත්වයන් නිසා සිදු වු වගා හානි සඳහා වන්දි මුදල් මෙම වසර තුළ ම ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreවාරික මුදල් නොගෙවීම හේතුවෙන් මූල්‍ය සමාගමක් බස් රථය අත්පත්කර ගැනීම නිසා සිත් තැවුලට පත්ව වි කැලණි ගඟට පැන්න විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී වරයෙකුගේ ව්‍යාපාරික පුතා ගේ මළ සිරුර දින 6කට පසු වැල්ලම්පිටිය කොටුවීල කළු පාලම යට කැලණි ගඟේ පාවෙමින් තිබියදී හමුවූ බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකාවේම ජනතාව මුහුණපා ඇති ඖෂධ සම්භන්ධයෙන් පවතින ගැටලුවට පිළියමක් ලෙස ගුණාත්මක භා තත්වයෙන් උසස් ඖෂධ අඛන්ඩව ලබා දීමේ අභියෝගය සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු නිළධාරීන් සමග එක්ව විසදීමට තිරඅදිටනින් යුතුව කටයුතු කරන බවත්, තිබෙන මුදල් ප්‍රතිපාදන කලමනාකරනය කරමින් ඉදිරි කාලය තුළදී ශ්‍රී ලංකික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව හා ප්‍රවර්ධනය වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කලේය.
Read Moreධාරානිපාත වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටීම හේතුවෙන් ඊයේ 28 රාත්‍රී අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල හපුතලේ අතර ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව හපුතලේ පොලීසිය කියයි.
Read Moreධාරානිපාත වර්ෂාව සමඟ ගල් පර්වත සමග පස්කන්දක් කඩාවැටී අද 28 සවස කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර කොටස ගමනාගමනය සඳහා එක් මංතීරුවක් කට පමණක් සීමා වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
Read Moreඉදිරි පැය 36දී සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා ගනිමින් ප්‍රථම ස්ථානයට පත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන ශිෂ්‍යාව 10/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සතියක කාලය තුල දිස්ත්‍රික්ක පහක පවුල් 1791 කට අයත් පුද්ගලයින් 6848 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවන ලද ලිපියක අඩංගු කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පිළිතුරු ලිපියක් යොමුකර ඇත.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමද ලෝක කුසලාන තරගාවලියේ තරග තුනක් පරාජයට පත්ව සිටීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කර තිබුණ බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read Moreසංචාරක වීසා උපයෝගි කරගනිමින් විදේශ රැකියා සඳහා යාමට උත්සහ කළ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු නවතා ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ (SMPU) නිළධාරීන් කටයුතු කර තිබේ.
Read Moreකවුරුන් විසින් ප්‍රශ්නය ඇති කළත් වගකීම් භාරගත් අය වශයෙන් නිවැරදි විසඳුම් ලබාදීමට තමා කටයුතු කරන බවත්, අභියෝග රැසක් පැවති සමයක තමා අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පත් වූ අතර පියවරෙන් පියවර එම අභියෝගවලට විසඳුම් සපයමින් ඉදිරියට යාම තම අපේක්ෂාව බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි
Read Moreඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශය ගෙවීම් පියවීම සදහා රුපියල් බිලියන 5.6 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කල බවත්, ඉදිරි මාස දෙක සදහා ඖෂධ සැපයීම වෙනුවෙන් අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් මණ්ඩල වෙත සංදේශයක් යොමු කිරීමටත් ඉන් අනතුරුව අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
Read Moreරටින් පිටවීමේ තහනම් නියෝගයක් චීනය විසින් පනවා ඇති සහ ජාත්‍යන්තර පොලිසියේ සොරා ගත් සහ නැති වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත ලේඛනයෙහි සඳහන් 53 හැවිරිදි චීන ජාතික කාන්තාවක් ඊයේ (26දා) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කර තිබේ.
Read Moreකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැඟෙනහිර ආසියාව සමඟ සිය වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටින බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreපිටකොටුවේ තට්ටු හතකින් සමන්විත ගොඩනැගිල්ලක විශාල ගින්නක් ඇතිව තිබේ. මෙහිදී තුවාල ලැබූ 23 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් පියවර ගෙන තිබේ.
Read Moreරජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ දෙවන පාසල් වාරය අදින් (27දා) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මේ වසරේ තෙවන පාසල්වාරය නොවැම්බර් මස 01 වැනි බදාදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි
Read Moreමහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මුදල් වංචා කළ සැකකරුවෙක් ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙම වංචාව රුපියල් කෝටි 990ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාය පවසයි.
Read Moreකුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව, දීර්ඝ කාලයක් නීතිවිරෝධී ලෙස රැදී සිටිමින්, එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද (27දා) එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
Read Moreකොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 26) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඒ වගේම සුළු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කිරීමට නියමිතයි. ඩොලර් මිලියන 350ක් වැය වන අතර එය ප්‍රධානයක් ලෙස ලබාදීමට චීන රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකඟතාව පළකර තිබෙනවා. එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් මේ වන විට ලැබී තිබෙනවා. මෙය නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් බව පැවසිය යුතුයි.
Read Moreඑක්දින ලොක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreරාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ පරිපාලන දුර්වලතා මඟහරවා නව මුහුණුවරකින් තරගකාරී බැංකුවක් ලෙස පවත්වාගෙන යාමට කෝප් කමිටුවෙන් නිර්දේශ සාවද්‍ය ලේඛන ඉදිරිපත්කොට රු මිලියන 68ක් ණය ලබාගැනීමෙන් බැංකුවට සිදුවූ අලාභය පියවීම සහ නෛතික ක්‍රියාමාර්ග පිළිබදවත් වාර්තාවක් කැදවයි සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිතකිරීම කඩිනම් කිරීමටත් නියෝග ප්‍රමාද වූ 2021/2022 වාර්ෂික වාර්තා ලබන ජනවාරිය අවසන් වීමට පෙර ඉදිරිපත් කරන ලෙසටත් නිර්දේශ
Read Moreපසුගිය මාස කිහිපයේදී තමන් තමන්ටම අභියෝග කර ගත් බවත් පන්දු යැවීම ආරම්භ කළ බවත් ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
Read Moreලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 156ට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නේ සමත්වූහ.
Read Moreවත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිලිවෙළ දුර්වල බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය රට සවාරි ගොස් එක් එක් රටවලට නොගැලපෙන කතා කියා බොරු කියා රටවල් බහුතරයක් අප සමඟ තරහ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read More