මධ්‍යම අධිවේගයේ ඉදිවෙමින් පවතින කොටසක කොන්ක්‍රිට් ආධාරකයක් කඩා වැටෙයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බෙම්මුල්ල සහ මගලේගොඩ යන ප්‍රදේශ අතර කොන්ක්‍රීට් කනු මත යොදා ඇති විශාල කොන්ක්‍රීට් ආධාරක කොටසක් ( බීම්) කඩා වැටී ඇත.
ඊයේ (4) සවස් කාලයේ මෙය කඩා වැටීම සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන වන කිලෝ මීටර් 37 ක දුරින් යුත් කොටසෙහි කුඹුරු සහ ජලයෙන් යටවීම සිදුවන ප්‍රදේශ ආශ්‍රිතව කිලෝ මීටර් 13 ක දුරක් කුලුනු මතින් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
අධිවේගී මාර්ගයක බර වාහන පවා ධාවනය පිනිස තැනවෙන කොන්ක්‍රීට් කොටසක් මෙලෙස කඩාවැටීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිහිප දෙනෙකුම පෙන්වා දෙනු ලැබූහ.
මෙලෙස කොන්ක්‍රීට් ආධාරක කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය තැනවීම් කටයුතු සිදු කරන නිලධාරියෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී සදහන් කර සිටියේ , මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවත් එතෙක් කිසිවක් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බවත්ය.
තිලකරත්න දිසානායක




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

