saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 3056 hours ago

LATEST

දුම්රියෙන් වැටුණ කාන්තාව බරපතල තුවාල ලබා රෝහල් ගත කරයි

calendar_today 2023 ඔක් 24 - 16:30 remove_red_eye - 1693  

ගල්කිස්ස මහ හෝටලය අසල ඇති මගී පාලම යටදී 24 වනදින උදෑසන 10.30 ට පමණ ගල්කිස්ස දෙස සිට කොළඹට ධාවනයවූ දුම්රියකින් වැටී සිහි නොමැතිව බරපතල තුවාල සහිතව දුමිරිය මාර්ගයේ වැටී සිටි කාන්තාවක ගල්කිස්ස පොලිස් ජීවිතාරක්‍ෂක ඒකකයේ නිලධාරීන් විසින් හදිසි ප්‍රතීකාර ලබාදී 1990 ගිලන් රථයකින් දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත යැවී

ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින සමනල වැව ජලාශයේ හෙක්ටයාර 100ක ජල මතුපිට අවකාශය තුළ මෙගාවොට 150-200 ක ධාරිතාවයකින් යුත් පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.

Read More

ඇමරිකාවේ රැකියාවලට යවන බව පවසමින් සිය බිරිඳ සමග එක්ව රුපියල් ලක්ෂ 42 කට ආසන්න මුදලක් වංචාකල බව කියන සිද්ධියක් සම්බන්දයෙන් සැකපිට යුධහමුදාවේ මේජර්වරයෙකු ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය කියයි.

Read More

ඊශ්‍රායලයේ මෙන් අර්බුධකාරී අවස්ථාවේ සහය දක්වන විපක්ෂයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් සාම්ප්‍රදායික විපක්ෂයක් සමග රජයට ආර්ථික අර්බුධයට තනිව මුහුණ දීමට සිදුව ඇති බවත් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Read More

2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ජනපතිවරණයක් පැවැතියේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරමුණ ගන්නා බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිදුකළ සමීක්ෂණයක දැක්වෙයි.

Read More

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බීඩි නිෂ්පාදකයින්ගේ සංගමයේද සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙතෙක් කිලෝවට රු.5000.00 ක් වූ බීඩි කොල ආනයන බද්ද කිලෝවට රු. 250.00 දක්වා අඩුකිරීමටත්, ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩියක් සඳහා මෙතෙක් අයකළ රු.2.00 ක්වූ බදු මුදල බීඩියකට රු. 3.50 දක්වා ඉහළ දැමීමටත් කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Read More

මින් ඉදිරියට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

රුපියල් කෝටි 68 ක පමණ මුදලක් තැන්පත්කරුවන්ට ගෙවීමට ඇති ගම්පහ සණස නගර බැංකුවෙහි පාලනය , පාලක මණ්ඩලයෙන් ඉවත්ව සාමාජිකත්වය යටතට පත්ව ඇත.

Read More

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් ජනාධිපතිවරයා විසින් ලබා දීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස දැඩි විරෝධයක් පවතින බවත්, ඒ අනුව ජනාධිපතිවරයාට සහාය දැක්වීම පිලිබඳ අවශ්‍ය වුවහොත් ඉදිරියේදී තීරණයක් ගත යුතුව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

Read More

2023 අගෝස්තු මාසයේ දී 2.1%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේදී 0.8 %ක් දක්වා අඩු වී ඇත.

Read More

රාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

මේ වසරේ සැප්තැම්බර් අවසන් වන විට ලංකා විදුලි බල බලමණ්ඩලය 2023 වසරට අදාළව රුපියල් බිලියන 29ක අලාභයක් ලබා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

වයස අවුරුදු 60 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය මත අඩු කරන ලද අත්තිකාරම් බද්ද ආපසු ගෙවන බව දේශීය ආදායම් දෙපාතමේන්තුව නිවේදනය කරයි.

Read More

ප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ ⁣(85) මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.

Read More

මහනුවර මහ නගර සභාව සතු කඩ කාමර පැවරීමේ දී අයකරන ගාස්තු මුදල් නගරසභා ගිණුමට බැර නොකර රුපියල් එක්කෝටි තිස් පන් ලක්ෂ අනු තුන් දහස් හත්සිය අනුවක (13593790.00) මුදලක් වංචා කළ බව කියන කළමනාකරණ සහයකවරියකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

Read More

’’කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යධූරය දරද්දී ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය ගෙනාවා. අප එයට පක්ෂව ඡන්දය දුන්නා. පාර්ලිමේන්තුවේ බහුතරය ඊට එරෙහිව ඡන්දය දීලා ඇමතිවරයා රකින්න කටයුතු කලා. නමුත් ජනාධීපතිවරයා මේ කැබිනට් සංශෝධණය හරහා තීරණය කරලා තියෙනවා විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුව හැසිරුණු හැටි වැරදියි විපක්ෂය හැසිරුණු හැටි හරියි. මේ අමාත්‍යවරයාට තව දුරටත් මේ අමාත්‍යංශ්‍ය කරගෙන යන්න බෑ කියලා.’’

Read More

කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙ දී 22 දින සවස මෝටර් රථයකින් පැමිනි සිව් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් විසින් පැහැර ගත් කෝටිපති මාළු ව්‍යාපාරිකයා කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී පැහැර ගෙන යමින් තිබු මෝටර් රථයෙන් පැන දිවි බේරා ගෙන ආණමඩුව පොලිසියට පැමින ඇති බව කියයි.

Read More

වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Read More

සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් අසාත්මිකතාවයට පත් වූ එක් දරු මවක් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව (22) දා රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

Read More

ජීවන බර දරා ගත නොහැකි බවත් ඒ අනුව රු. 20000ක දීමනාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවහන සේවක සංගමය උද්ඝෝෂණයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

Read More

කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාළය නිමා කර ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී , ගුවන් යානය තුළම මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

වැඩිමහල් සොහොයුරාගේ රියදුරු බලපත්‍රය අවභාවිතා කරමින් වාහන පැදවූ බාල සොහොයුරකු අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

වත්මන් බංකොලොත්භාවයෙන් රට ගොඩ ඒමට නම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවත් දැනුම උගත්කම බුද්ධිය කේන්ද්‍ර කර ගෙන මේ වැටි සිටින ප්‍රපාතයෙන් ගොඩඒමට සිදුවිය යුතු වුවත් අද සිදුවන්නේ දැනුම උගත්කම හා බුද්ධිය විනාශ කරන රාජ්‍ය පාලනයක් ක්ෂය කරන හා ශූන්‍ය කර රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වීම බවත් උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කාබාසිනියා කරන රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ජීවන බර දරා ගත නොහැකි බවත් ඒ අනුව රු. 20000ක දීමනාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

Read More

නැගෙනහිර පළාත තුළ ඉරිදා හා පෝය දිනවල පෞද්ගලික උපකාරක පංති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

Read More

අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යධුර කිහිපයක සංශෝධනයන් සිදු කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

කෙසේ වුවද තමන්ට සතුන්ට හානි කිරීම සඳහා පතරොම් තුවක්කු ලබා දිය නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම වායු රයිෆල් සතුන් මරා දැමීමට නොව ඔවුන් පළවා හැරීමට පමණක් උපයෝගි කර ගන්නා ලෙසත්, කිසිදු අවස්ථාවක මිනිසුන් සදහා මෙම වායු රයිෆල් භාවිතා නොකරන ලෙසත් ගොවීන්‌ෙගන් ඉල්ලා සිටියේය.

Read More

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව 2022 වර්ෂයේ මාර්තු මාසයේ නොපැවැත්වීම නිසා එම සමුළුවේ සත්කාරක කටයුතු සඳහා අවශ්‍ය කාර්යයන් සංවිධානය කර ගැනීමට වැය කරනු ලැබූ රුපියල් එකොළොස් කෝටි පනස් දෙලක්ෂ හැට හතර දහස් හයසීය දහ නවයක මුදලක් (115,264,619) ශ්‍රී ලංකා රජයට ආර්ථික වියදමක් බවට පත්ව ඇති බව ඉකුත් 18 දින නිකුත් කරන ලද විගණන වාර්තාවකින් හෙළිවේ.

Read More

සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි. ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කරන්නේ නැහැ. ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙනවා – ජනපති අවධාරණය කරයි.

Read More

රුපියල් කෝටි විසි තුනක් (මිලියන 230 ක් ) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කුඩා දරුවන් කියවන ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක , පිටකවර තුළ සගවා , විදේශීය කාන්තාවක විසින් ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 10/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.