අතට අසුවූ සැකකරු පලායයි
අනුරාධපුර පොලිස් වසමේදී සිදු කල වැටලීමකදී කේරළ ගංජා ජාවාරමේ යෙදී සිටි සැකකරුවෙකු පරීක්ෂා කිරීමේදී පලා ගිය බවත්, ඔහු සන්තකයේ තිබි රුපියල් ලක්ෂ 50ට ආසන්න කේරළ ගංජා තොගයක් සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
යුද හමුදා බුද්ධි අංශය මගින් ලබා දුන් තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මන්නාරම උප ඒකකය මගින් අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී ඉකුත් දාහතර දා රාත්‍රී මෙම වැටලීම සිදු කර තිබේ.
එම නිලධාරීන් උපාය ධූතයෙකු යොදවා කේරළ ගංජා කිලෝ තුනක් මිලට ගැනීමට යාමේදී සැකකරු, ගංජා තොගය දමා එම නිලධාරියාගෙන් මිදී පලා ගිය බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේය.
ඉන් අනතුරුව පලා ගිය සැකකරුගේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර , ශ්‍රාවස්ති වත්ත ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබියදී තවත් කේරළ ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 460ක ප්‍රමාණයක් සොයා ගත් බවද පොලිසිය තව දුරටත් සඳහන් කළේය.
පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීහු කණ්ඩායමක් වැඩි දුර විමර්ශන සිදු කරති.
බී.ජී. චතුරංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

