විහාරස්ථානයේ ආරාවුලකින් හිමිවරු දෙනමක් සහ පොලිස් නිලධාරියෙක් රෝහලේ
බෙන්තොට පොලිස් වසමේ පිහිටි අතුරුවැල්ල ධර්ම ශ්රී වර්ධනාරාම විහාරස්ථානයේ දී ඊයේ රාත්රි ඇතිවූ ගැටුම්කාරී තත්වයකදී භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි බෙන්තොට පොලීසිය කියයි.
එමෙන්ම මේ ගැටුම ගැන සැකපිට ප්රශ්න කිරීම සඳහා එම විහාරවාසීව සිටි භික්ෂූන්වහන්සේලා දෙනමක් සහ ප්රදේශවාසියෙකු අත් අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.
තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා දෙනම කලුතර මහ රෝහලටද පොලිස් කොස්තාපල්වරයා බෙන්තොට රෝහලට ද ඇතුළත් කර තිබේ.
හොරණ ප්රදේශයේ සිට ඊයේ සවස මෙම විහාරථානයට පැමිණ ඇතැයි කියන භික්ෂූන් වහන්සේලා පිරිසක් හා විහාරථානයේ සිටි භික්ෂුන් වහන්සේලා අතර විහාරස්ථානයේ භාරකාරත්වය පිළිබඳව ආරාවුලක් හටගෙන ඇති බවත් පසුව දායක පිරිසක්ද විහාරස්ථානයට පැමිණ මේ සඳහා මැදිහත්වී ඇතැයිද පොලීසිය කියයි.
බෙන්තොට පොලීසිය මගින් පොලිස් ආරක්ෂාව යොදා කලබලකාරී තත්වය පාලනය කිරීමට යාමේදී කොස්තාපල් වරයා තුවාල ලද බව පොලීසිය පවසයි. මේ වන විට සියලුම භික්ෂූන් වහන්සේලා පන්සලෙන් ඉවත්ව ගොස් ඇති අතර විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

