saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2735 hours ago

LATEST

බෘෘස්ලී මුලින්ම හැදැරූ සටන් ශිල්පයේ වත්මන් උරුමක්කරු ලංකාවට

calendar_today 2024 ජන 05 - 07:24 remove_red_eye - 1148  

බෲස්ලි විසින් මුලින්ම හැදෑරූ සටන් කළා ශෛලිය වන ’’ විංචුං ’’ (Wing Chun ) සටන් කළා ශෛලියේ නව වන පරම්පරාවේ නිල උරුමක්කරු වන ’’ ය සඕරොන්ග් ’’ ( Ye Shaorong ) මහතා එම ශෛලියේ සටන් කළා වැඩසටහනකට සහ පුහුණු වැඩසටහනකට සහභාගී වීම සදහා තවත් සටන් ශිල්පීන් 07 දෙනෙකු සමග 01/04 දින රාත්‍රී චීනයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයට විවිධ පුද්ගලයන් එකතු කර ගන්නේ ප්‍රතිපත්ති මත පමණක් බවත් කිසිදු අයකුට කිසිදු ඇමතිකමක්, තනතුරු, සභාපතිකම්, අධ්‍යක්ෂකම් ලබා නොදෙන බවත් මෙම සන්ධානයට ගනු ලබන්නේ සමගි ජන බලවේගය පිළිගන්නා මැද මාවත අනුව කටයුතු කරන පිරිස බවත් වරදාන වරප්‍රසාද ලබා දී මන්ත්‍රීවරු රඳවා ගැනීම සහ බඳවා ගැනීම සිදු නොකරන බවත් එම සංස්කෘතියට නැවතීමේ ළකුණ තබා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ රංගනය අනුකරණය කිරීම සහ ඒ අනුසාරයෙන් චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ චෝදනා ලැබු රංගන ශිල්පීන් පස්දෙනා විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (04) තීරණය කළේය .

Read More

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී 18% කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50% කින් පමණ අඩු කිරීම කඩිනමින් සිදු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ඊයේ (4දා) පැවසීය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක්කටා නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඊට සම්බන්ධ පුද්ගලයන්ට පියවර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යටතේ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් තුනක් පත් කිරීමට ද වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර ගෙවීම ඇරඹේ. වයස අවුරුදු 21ට අඩු පිරිස සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීමට වෛද්‍යාධාර. කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර. වෛද්‍යාධාර ලබාදීමේ දී සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව ලක්ෂ 02ක් දක්වා වැඩි කෙරේ.

Read More

2024 පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩු වෙනවා – වෙ‍ළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු

Read More

ඇල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතු මෝටර් රථයක් මූල්‍ය සමාගමක පිරිසක් විසින් පැහැරගෙන යද්දී අනතුරකට ලක්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

Read More

• 2023.06.30 දිනට ලැබිය යුතු මුළු බදු ආදායම රුපියල් බිලියන 943ක් • බදු ගෙවිය යුතු බවට හඳුනාගෙන ඇති බදු හිමියන් පවා බදු ගෙවා නැහැ • පවතින නීති යටතේ වසර 15ක් බදු ගෙවීම පැහැර හැරිය හැකියි • පවතින නීති සංශෝධනය කිරීමට කඩිනම් පියවර

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි ජංගම දුරකථන 323 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සහ ඒවා රැගෙන යමින් තිබූ වෑන් රථයක් ද පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් 01/03 දින සවස කොළඹ - කටුනායක අධ්වේගී මාර්ගයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .

Read More

ගෝනපොල කෝරලඉම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ කාර්යාලයේ තිබු උපත් පාලන කොපු තොගයක් කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 72 කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේදී ලොරියක් සහ සුඛෝභෝගී වෑන් රථයක් ඊයේ (3) රාත්‍රී එකිනෙක ගැටීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් සිව් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි කුරුඳුගහ හැතැක්ම රථවාහන පොලිසිය කියයි.

Read More

සීගිරිය/දඹුල්ල ව්‍යාපෘතිය සදහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සහ ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය මේවන විට ලබා ගෙන ඇති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සදහන් කරයි.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි ඔහුගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් විය.

Read More

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්දියානු ණය පහසුකම් යටතේ ඉන්දියානු සමාගමෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමේදී ලංකා සුපර් ඩීසල් වලට අදාල මිළ පදනමම ඔටෝ ඩීසල් සඳහා යොදාගැනීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන (4.6 )හෙවත් රුපියල් කෝටි 170 ( මිලියන1669)කට ආසන්න මුදලක් සංස්ථාව පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් ජනවාරි මස දෙවෙනිදා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවෙන් හෙළිකර සිටි.

Read More

දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ 36 වැනි කොමසාරිස් ජනරාල් ලෙස ඩබ්.ඒ්. සේපාලිකා චන්ද්‍ර සේකර මහත්මිය පත්කර තිබේ. එම තනතුරට පත්වීමට පෙර ඇය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළය. පසුගිය 01 දා සිට බල පැවැත්වෙන පරිදි ඇය මෙසේ රාජකාරියට පත්කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රිඩක ඩිල්ෂන් මධුශංක හා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගේ නම් ඇතුළත්ව තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකථන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 කු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

වසය අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය වුවද, ඊට අනුගත නොවන පුද්ගලයන්ට රු.50,000ක දඩ මුදලක් අය කිරිමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 210 352ක් පැමිණ ඇති අතර එය 2022 වසරේ දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 129ක වර්ධනයකි. මාලදිවයිනට දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 194 690ක් පැමිණ ඇති අතර එය 2022 දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 6ක වර්ධනයකි.

Read More

කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි 01/03 දින දහවල් 12.00 පැයේ සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන තිබේ .

Read More

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. එම සංචිතය තුළ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් දක්නට ඇති අතර ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම යළිත් සංචිතයට එක්කර තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට නම් පොලීසිය මීට වඩා ක්‍රමානුකූලව වැඩකළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මෙන්ම ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සමග 2023.01.03 Zoom තාක්ෂණය ඔස්සේ පැවති රැස්විමේදි පැවසීය.

Read More

ඉදිරියේදී වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් සැලසුම් 163ක් සකස් කිරීමට අවශ්‍ය ඉලක්කයක් මේ වනවිට විෂයභාර ඇමතිවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී තිබේ.

Read More

රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර සිව් වැනි ගුවන් සේවයත් එළඹි 2024 වසරේ ජනවාරි මස 01 දින සිට ගුවන් ගමන් ආරම්භ කර තිබේ . ’’ රොසිය ගුවන් සේවය ’’ මෙසේ නව ගුවන් ගමන් සේවා ආරම්භ කර ඇති අතර මෙම ගුවන් ගමන් සදහා බෝයිං - 777 වර්ගයේ ගුවන් යානා සේවයේ යොදවා තිබේ .

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් නිකුත් කර ඇති මාර්ගේපදේශ පිළිනොපදින හෝ එහි සේවාවන්ට බාධාකරන කිසියම් වූ සේවකයෙක් සිටි නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත උපදෙස් දී තිබේ.

Read More

විදුලි ගාස්තු අඩු කිරීමේ ‌යෝජනා ලබන සතියේදී විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

යුක්තිය මෙහෙයුම ඇතුළු මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පොලිස් වසම් මට්ටමින් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

ආගමික වශයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජොරොම් ප්‍රනාන්දු ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් විය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.