ජපානයෙන් ලංකාවේ වෛද්‍ය පරිපාලකයන්ට ශිෂ්‍යත්වයක්
ජපානයේ නගෝයා (Nagoya) විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධි පාසල මගින් මෙරට තෝරා ගත් වෛද්‍ය පරිපාලකයින් හට මෙම වසරේ සිට වසරක පුහුණුවකින් පසු ශිෂ්‍යත්වයක් (YLP Master of Science in Health Care Administration) ලබාදීමට කැමැත්ත පළ කර ඇත.
ඒ අනුව එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Eiko Yamamoto මහත්මිය ඇතුලු දූත පිරිසක් ඊයේ (15) පස්වරුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමු වී ඒ පිළිබද දැනුවත් කිරීමට කටයතු කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරිපාලන විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා ජපාන තානාපති කාර්යාලයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙරට වෛද්‍ය පරිපාලකයින්ට මෙම වසරක පුහුණුව ඇතුලු ශිෂ්‍යත්වය ලබාදිමට කැමැත්ත පළ කර ඇත.
මේ වන විට ජපානයේ නගෝයා විශ්ව විද්‍යාලය මගින් වියට්නාමය, තායිලන්තය, මැලේෂියාව, බංග්ලාදේශය, මොංගොලියාව, කාම්බෝජියාව, කසකස්ථානය, ලාඨ්සය, කිර්ගිස් ජනරජය වැනි රටවල්වල වෛද්‍ය පරිපාලකයින්ට පුහුණුව ලබාදිම සිදු කරනු ලබයි.
ඉදිරි දෙසතිය තුල මීට අදාල නිලධාරින් තෝරා ගැනීම් කටයුතු කරනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

