වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මේ මස 05 වන දින පැවැත්විමට නියමිත හර්තාල් ව්‍යාපාරය සඳහා වෙළඳසැල් වසා දමා කුලී රථ හා ත්‍රිරෝධ රථ ධාවනයෙන් ඉවත්ව සහායෝගය ලබා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිති.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කරුණු දක්වන ජිවන් තොණ්ඩමන් මහතා පවසනුයේ වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට වත්මන් රජය මගින් උපරිම උත්සහායක් ගත්තද වතු සමාගම් එම වැටුප් වැඩි කිරිමට අනුකුලතාවයක් නොදක්වන බවයි.
එවන් තත්වයන් මත වතු සමාගම්වලට එරෙහිව මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගනණාවක හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට කටයුතු යොදා ඇති බවත් එය සාර්ථක කර ගැනිම සදහා සියලුම වෙලද සැල් වසා දමා කුලි රථ ත්‍රිරෝධ රථ ධාවනයෙන් ඉවත් කර වතු කම්කරු ජනතාවගේ උන්නතිය උදෙසා සහය ලබා දෙන ලෙස ඉල්ලිමක් කරන බවද ජිවන් තොණ්ඩමන් පවසන ලදි.
මෙම හර්තාල් ව්‍යාපාරය රජයට එරෙහි එකක් නොවන බවත් මෙය තනිකරම වතු සමාගම් වලට එරෙහිව කරනු ලබන හර්තාල් ව්‍යාපාරයක් බවද ජිවන් තොණ්ඩමන් මහතා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා