කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාන්න දුම්රිය ලබන මස දෙවනි (2දා) දින සිට දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා පැවැසීය.
රාජ්‍ය අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා (18දා) ධාවනය වු දෙනුවර මැණිකේ දුම්රියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා කියා සිටියේ දුම්රිය සේවය ගුණාත්මක ප්‍රවාහන සේවයක් බවට පත් කිරිමට සදහා අවශ්‍යය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි.
දුම්රිය ප්‍රවාහන සේවයට නව තාක්ෂණය යොදා ගනිමින් කටුනායක ගුවන් තොටුපලේ සිට දුම්රිය ප්‍රවේශපත්‍රයක් දෙස් විදෙස් සංචාරකයන්ට නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව සි.බි රත්නායක රාජ්‍යය අමාත්‍යය වරයා කියා සිටියේය.