ලංකා විදුලිබල මණ්ඩලයේ දෙවන මහලේ වහලය මත සේවකයන් පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යාල කාර්ය සේවකයන් 91 කුට සාධාරණය ඉටුකරන ලෙස උපවාසයේ නිරත වූවෝ ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යාල කාර්ය සේවා ස්වාධීන සේවක සංගමය සංවිධායක ධම්මික ජයතිලක මහතා අද ට මෙසේ පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යාල කාර්ය සේවා ස්වාධීන සේවක සංගමය විදිහට අපි ඉල්ලීම් තුනක් මුල්කරගෙන වසර පුරාම පාලන අධිකාරිය සමග සාකච්ඡා පැවැත්වූවා.කාර්යාල කාර්ය සේවා වෘත්තියේ අධිශ්‍රේණියක් ස්ථාපිත කරන ලෙසත් මෑන්පවර් සේවකයන්ට කිසිදු විභායකින් තොරව ලිපිකරු හා සමන්තර ශ්‍රේණි තනතුරු ලබාදුන්න්නා නම් විදුලිබල මණ්ඩලයේ කාර්යාල සේවකයෝ විදුහට අපිටත් ඒ වරප්‍රසාදය ලබාදෙන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.
සුදුසුකම් ලාභීන් 91 ක් ඉන්නවා. ඔවුන්ටත් කිසිදු විභාගයක් නොපවත්වා සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් එම තනතුරු ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. යැයි හෙතෙම කීය. විසඳුම් ලැබෙනතුරු මෙම උපවාසය නොනවත්වන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.