වසන්ත සේනානායක අයින් වෙයිද?
පාර්ලිමේන්තුව ඇතුළෙ තිබෙන සභා පාලනය ඉන් පිටත ආයතනවල නැතැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක මහතා පැවසීය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව පවසා සිටියේ, අද (21දා) එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩලයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සේනානායක මහතා,
“එතැනින් එහා ආයතනවල සභා පාලනයක් නැති බව පේනවා. අපි බොහෝම පීඩනයට පත්වුණු ජනතාවක් හැටියට පොළොන්නරුවෙ එක්සත් ජාතික පාක්ෂිකයෝ අද ජීවත් වෙන්නේ. නමුත් තමුන්නාන්සේලා ආණ්ඩුවක් හදලත් මම දන්නවා මගේ මහජන දිනයට එන ප්‍රශ්න. ඔවුන්ගේ අසරණකම, මට කියනකොට මට මගේ අසරණකම ඔවුන්ට කියන්න බැරි තත්ත්වයකට ඇවිදින්.
ඒ හින්දා පක්ෂ මහලේකම්තුමනි, අද දවස ඔබතුමා දන්නවා මේ දිස්ත්‍රික්කයට ලොකු අසාරධාරණකමක් වෙලා තියෙනවා. කැබිනට් ඇමැතිවරයෙකුත් නෑ. මම කියන්නේ නෑ ඒක මට දෙන්න කියලා. මට මගේ තනතුරෙන් ඕනේ වෙලාවක අයින් වෙන්න ලෑස්තියි. මේ දිස්ත්‍රික්කයට සුදුසු අමාත්‍යවරයෙක් ලබලා දෙන්න. මේ දිස්ත්‍රික්කයේ අහිංසක මිනිසුන්ට වැඩ කරන්න.”යැයි ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
