හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමේ බාධාවක් නීතීපතිවරයාට පනවා නැතැයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (18) ඒකමතිකව තීන්දු කළේය.
ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ අතුරු නියෝගය මඟින් නඩු පැවරීමේ බාධාවක් නොවන බව මෙහිදී ප්‍රකාශ විය.
රජයේ රුපියල් මිලියන දෙසීයක් සාවද්‍ය සාපරාධි පරිහරණය, ඒ සඳහා අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා හතක් යටතේ නීතිපතිවරයා විසින් මේ වන විට කොළඹ මහාධිකරණය යටතේ නඩු පවරා තිබේ.