චීන ගගනගාමීන් දෙදෙනා ටිඈන්ගොන්ග් 2 වෙතට
අභ්‍යවකාශයට ගිය චීන ගගනගාමීන් දෙදෙනා ටිඈන්ගොන්ග් 2 අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීනයේ අභ්‍යවකාශ ශක්තිය හා හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් ඔවුන් රැගත් ෂෙන්සොවු-11 අභ්‍යවකාශ යානය පසුගිය සඳුදා උතුරුදිග චීනයෙන් උඩුගුවනට එසවුණු අතර, එය බීජිං වේලාවෙන් බදාදා අලුයම 3.24 ට අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත පැමිණ තිබුණි.
මෙම යානයේ ජින්ග් හයිපෙන්ග් සහ චෙන් ඩොන්ග් නමැති ගගනගාමීන් දෙදෙනා ගමන් පැමිණි අතර, ඔවුන් දින 30ක කාලයක් පර්යේෂණවල නිරත වෙමින් අභවකාශයේ රැඳී සිටීමට නියමිතය.
ඒ අනුව, මොවුන් චීන අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ මේ දක්වා වැඩිම කාලකයක් අභ්‍යවකාශයේ රැඳී සිටින ගගනගාමීන් දෙදෙනා බවටද පත්වනු ඇත.
ඔවුන් මේ වනවිට රැඳි සිටින ටිඈන්ගොන්ග් 2 අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය පෘථිවියේ සිට කිලෝමීටර් 393ක් (සැ.244ක්) ඉහළින් රැඳී තිබෙන අතර, ඔවුන් රැගත් අභ්‍යවකාශ යානය දුරස්ථ පාලන ආධාරයෙන් එම මධ්‍යස්ථානය සමග සම්බන්ධ කර ඇත.

.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
