උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සදහා අවශ්‍යව තිබෙන දුම්රිය එන්ජින් හා මැදිරි යුරෝපයෙන් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.මේ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සමග දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට දැනට යොදාගනු ලබන දුම්රිය එන්ජින් හා මැදිරි වසර තිහක් පැරණි ඒවා බැවින් නොයෙක් අවස්ථාවලදී අතරමග ක්‍රියාවිරහිත වීම් සිදුවීම නිසා මගීන් දැඩි අපහසුතාවට පත්වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
දුම්රිය මාර්ගය නවීකරණය කර නවීන එන්ජින් හා මැදිරි යොදාගනු ලැබුවහොත් කොළඹ සිට උඩරට බලායන දෙස් විදෙස් සංචාරකයන් වැඩි පිරිසකට දුම්රිය පරිහරණය කිරීමට අවස්ථාව ලැබෙන බවත්, එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩි ආදායමක් උපයාගැනීමට හැකිවන බවත් හෙතෙම පවසා සිටියේය. දුම්රිය මගින් මගී භාණ්ඩ ප්‍රවාහනය කිරීම නිසා උඩරට ආර්ථිකයේ විශාල පිබිදීමක් ඇති වී තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.