රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට අද පෙරවරුවේ (15) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය නිරත ව තිබේ.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී ඇමතිවරයා ඇතුළු පිරිස රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති මත්ද්‍රව්‍ය පරීක්ෂණ අංශය, ඩිජිටල් අපරාධ විශ්ලේෂණ අංශය, ඩී.එන්.ඒ.රසායනාගාරය, අධිකරණ ප්රක්ෂේප විද්‍යා අංශය ඇතුළු රසායනාගාර නිරීක්ෂණය කළේය. නිරීක්ෂණ කටයුතුවලින් පසුව දෙපාර්තමේන්තුවේ කළමණාකරණ කමිටුව සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ඇතැම් පොලිස් බල ප්දේශවලින් මත්ද්‍රව්‍ය සම්බන්ධව යොමු කරනු ලබන සාම්පල බහුතරයක් දිගින් දිගටම සෘණාත්මක වීම බරපතල ගැටළුවක් බව මෙහිදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. එහිදී අමාත්‍යවරයා සදහන් කළේ ඇතැම් පොලිස් ස්ථාන වල සිටින නිළධාරීන්ගේ මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් තමන් වෙතද පෞද්ගලික මට්ටමින් පැමිණිලි ලැබී ඇති බව සඳහන් කල ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සමඟ තමන් නුදුරු දිනකදීම සාකච්ඡාවක් පවත්වන බව ද සඳහන් කළේය.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පවතින නිලධාරී හිගය බරපතල ගැටළුවවක් බව මෙහිදී අවධාරණය වු අතර ඒ සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත්, පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී භාවිතා කරනු ලබන රසායනික ද්‍රව්‍ය අවශ්‍ය පරිදි ලබාදීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
2022 වසරේ අගෝස්තු මස සිට මත්ද්‍රව්‍ය සම්බන්ධව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබී ඇති සාම්පල වැඩී වී ඇති බැවින් එයට හේතූන් සොයා බැලීය යුතු බව මෙහිදී සාකච්ඡා විණි.
2022 වසර තුළ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහා සාම්පල 45245 ක් යොමුව ඇති අතර, ඉන් 20798 ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ සාම්පල වන අතර, ඉන් 16479 ක වාර්තා ලබාදී තිබේ.
2023 වසරේ ජනවාරී හා පෙබරවාරි මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ සාම්පල 5024 ක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර ඉන් පරීක්ෂණ වාර්තා 3069 ක් ලබා දී ඇත.
රජයේ රස පරීක්ෂක දීපිකා සිරිවර්ධන මහත්මිය විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පසුගිය වසර කිහිපය තුළ පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රගතිය පිළිබදව අදහස් පළ කළ අතර, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත මහතා ඇතුළු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක රස පරීක්ෂකවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක් විය.
