අංශ භාග අවදානමට පෙර ගම්පහ රෝහලට යන්න
පුද්ගලයෙකු හදිසියේ අංශ භාග තත්ත්වයට පත්වන අවස්ථාවකදී නිසි කාලය තුල ප්‍රතිකාර ලබාදීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම පිනිස වන ප්‍රතිකාර ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ස්ථාපිත කොට ඇති බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි.
අංශ භාග තත්ත්වයට පත් රෝගියෙකු පැය තුනක කාලයක් ඇතුලත මෙම ඒකකය වෙත රැගෙන විත් එන්නත්කරණයක් තුලින් ඇතිවී තිබෙන රුධිර කැටිය ක්ෂණිකව දියකර හැරීම සිදු කෙරෙන බව ප්‍රතිකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගම්පහ රෝහලෙහි හදිසි ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය නිලධාරී ප්‍රියන්ත ශිරෝමන් මහතා පැහැදිලිය කළේය.
රෝගීයාගේ භාරකරුවන් විසින් රෝගියා ආගාත තත්ත්වයට පත්වූ වේලාව නියමාකාරයෙන් දැනුම්දීම ඉතා අවශ්‍ය බවත් ඒ අනුව රෝගියා සී.ටී. ස්කෑන් පරීක්ෂාවකට ලක් කොට තත්ත්වය නිවැරදිව හදුනාගැනීමෙන් අනතුරුව අවශ්‍ය එන්නත ලබා දීම සිදු කෙරෙන බවත් වෛද්‍ය ශිරෝමන් මහතා සදහන් කරනු ලැබීය.
මෙම ප්‍රතිකාර ඒකකයෙහි කටයුතු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා අධීක්ෂණය යටතේ හදිසි ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් වන හසිත ගුණසේකර සහ මාධව දන්ගම්පොල යන මහත්වරුන්ගේ මගපෙන්වීම මත සිදු කෙරේ.
තිලකරත්න දිසානායක

popular news
-
Kumar Monday, 24 January 2022 04:56 PM
gammattamin ansabagaya walakwagann obthumala yamak nokaloth oya deshnawalin athai wadaknaha. api haki awasthawala swayankreeya rudhira peedanaya mannina yanthra gamwala ayata labadee thibenawa. kihipa denek ema yanthra nisa rohalgathvi thama jeewitha rakagena thibenawa.
Reply : 0 0
අනු Tuesday, 25 January 2022 07:04 AM
බොරු කරන්න එපා මම දන්න අම්මා කෙනෙක් පැය දෙකක් ඇතුලත ගෙනියලත් ගම්පහ රෝහලෙන් කියලා කොළඹ ගෙනියන්න කියලා එන්නත නැහැ පුලුවන්නම් සල්ලි වලට ගේන්න කියලා.ඔන්න තත්වේ මේ බොරු කරන්නේ දුප්පත් අහිංසක ජීවිත එක්ක කියන එක මතක තියා ගන්න.ඒ අම්මා අදටත් ඇඳේ විඳවනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

