වතු කම්කරුවන්ගේ රු.1000 දෙන ආකාරය රජය පැහැදිලි කර යුතුයි
වත්මන් රජය වතු කම්කරුවන්ට මාර්තු 01 දින සිට ලබා දෙන බවට පොරොන්දු වූ රු.1000ක දිනක වැටුප ලබා දෙන ආකාරය පිළිබඳව රජය විසින් වතු කම්කරුවන්ට පැහැදිලි කළ යුතු බව කඳුකර සහෝදරත්න ව්‍යාපාරය සඳහන් කරයි.
අද (06දා) හැටන් නගර සභා ශාලාවේදි මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපතිවරයා සඳහන් කරනුයේ රජය මගින් දිනකය වතු කම්කරුවෙකුට රුපියල් දහසක් ලබා දීම සම්බන්ධයෙන් වතු සමාගම් සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය වතු කම්කරුවන්ට පැහැදිලි කල යුතු බවත්, වතු සමාගම් රු දහසක වැටුපක් වතු කම්කරුවන්ට ලබා දිමට නොහැකි බව රජයට පවසා සිටියදිත් වතුකරය නියෝජනය කරන වතුකරයේ අමාත්‍යයවරයෙක් තවදුරටත් වතු කම්කරුවන්ව මුලා කරමින් ඉදිරියේදි පැවැත්විමට නියමිත මහ මැතිවරණයේදි වතු කම්කරුවන්ගේ ජන්දය මුලා කර ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බවටත් ඔහු සඳහන් චෝදනා කරයි.
මාර්තු 3 දින වත්මන් ආණ්ඩුව විසුරුවා හැරිමෙන් පසු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් එවකට පවතින කැබිනට් මණ්ඩලයට ගත නොහැකි බවත්, මැතිවරණයෙන් පසුව පිහිටුවා ගන්නා ශක්තිමත් රජයක් තුලින් වතු කම්කරුවන්ට රුපියල් දහසක් ලබාදෙන බවට පවසා එලඹෙන මහ මැතිවරණයේදි වතු කම්කරුවන්ගේ ජන්දය ලබා ගැනිමේ කුමන්ත්‍රණයක් මේ වන විට වතුකරයේ ඇමතිවරයෙක් දියත් කරමින් සිටින බවටද ඔහු වැඩිදුරටත් සඳහනක් කරයි.

popular news
-
Devinda Uduwara Friday, 07 February 2020 01:06 AM
Sebawinma vetup wedikireema gena rajaya pehedili kalauthui.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

