කොළඹ වරායට CCTV පද්ධතියක්
කොළඹ වරාය සඳහා CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කිරීමට කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
වරාය පරිශ්‍රයට ඇතුළුවන සියලුම ප්‍රවේශ, ගුදම්, පර්යන්ත විවෘත ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් හා වරාය දියකඩන ප්‍රවේශ ආවරණය වන පරිදි මෙම කැමරා පද්ධතිය සවි කිරිමට නියමිතය.
එම ස්ථානවල සිදුවන සියලුම ක්‍රියා නිරීක්ෂණය වීම, අධීක්ෂණය වීම හා පටිගත වීම යන අරමුණු ඇතිව මෙම කැමරා පද්ධතිය සවි කිරීමට නියමිතය.
මේ සඳහා වන යෝජනාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඉදිරිපත් කර තිබේ. මේ හරහා කොළඹ වරායේ ආරක්ෂාව තහවුරුවීම, ඵලදායිතාව හා කොළඹ වරායේ කාර්යක්ෂමතාව ඉහළ යෑම, හා කොළඹ වරායේ වාණිජමය කටයුතු සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වීම සිදුවන බව රජය සඳහන් කරයි.
ඒ අනුව එම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණ අගැයීම් කමිටුවක් පත්කිරීමට වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

