කුඩා ව්‍යාපාරිකයාට නැගිටින්න නිදහස දෙන්න - ජනපති
රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම් බවද ජනාධිපතිතුමා සඳහන් කර සිටියේය.
රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්රයේ නිරතවන්නන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම, මූල්‍ය පහසුකම් සැලසීම හා වෙළෙඳ ප්‍රවර්ධන හැකියාව ලබාදීම රජයේ වගකීම බව ජනාධිපතිතුමා කියා සිටී.
බොහෝ දෙනාගේ ඉල්ලීම මත ව්යවසාස සංවර්ධන අධිකාරියේ සහාය රූපලාවන්‍ය ක්ෂේත්රයට ලබාදීමට ජනාධිපතිතුමාගේ එකඟතාව පළ කෙරිණ. එය එම පිරිස බැඳීම්වලට ලක් කිරීමට නොව අවශ්‍යතා ඉටුකර ගැනීමට දායකවීම සඳහා පමණක් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
සුළු, මධ්‍ය හා මහා පරිමාණ රූපලාවන්‍ය මධ්‍යස්ථාන අනූදහසක් රට පුරා ඇති අතර, ලක්ෂ හතර හමාරකට අධික පිරිසක් සේවයේ නිරත වෙති. ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 15ක් පමණ වේ. රූපලාවන්‍ය වෘත්තියක් ලෙස ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය පුහුණුව ලබාදීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාවේ (NVQ) 05,06 සහ 07 අදියර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබුවේය.

popular news
- 
                            Hitan part 2 Friday, 26 June 2020 05:41 AM Gowiyata poroduwu nomile pohora thiya salli walata wath ganna pohora naha. Eppawal pohora packet wagayak pilibada meadia show ekak dakka. Danno danithi Epoawala pospate wala sanyuthiya koyi wageda kawara wargaye wagawantada danthiyena thathwayen sudusu kiyala. Rate pradanama prashnaya wunu agriculture paththaka thiyala unge henchayiyanta wadagath beauti culture pilibadawa hitha yomu kireema pilibadawa we respect you sir. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                