නාමල් 23 දා CID යයි
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සිදුවිම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව ප්රකාශයක් ලබාදීමට අනිද්දා (23දා) තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මෙම විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා හෙළි කළ කරුණු පිළිබඳව තහවුරු කර ගැනීමට මන්ත්රීවරයාට මෙසේ කැඳවීමක් සිදුකර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කොටුව අතිරේක මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ නාමල් රාජපක්ෂ, විමල් විරවංශ හා ශෂී වීරවංශගෙන් ප්රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන බවයි.

popular news
-
Upul Tuesday, 22 January 2019 12:18 PM
එදාට සී.අයි.ඩී. යන්නෙත් කොට කලිසම ඇඳගෙනද නාමල් මහත්තයා.
Reply : 0 46
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

