ගම්පහ, කොළඹ අසාදිතයන් 500 ඉක්මවයි
බස්නාහිර පළාතේ ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී එම දිස්ත්‍රික්වලට ලැබුණ පරීක්ෂණ වාර්තා අනුවය.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 1914ක් වාර්තා වූ අතර එයින් පුදගලයන් 54ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් වෙයි.
ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. එම පළාතේ පමණක් ආසාදිතයන් සංඛ්‍යාව 1100 ඉක්මවා ගොස් තිබේ.
ගම්පහ (542),කොළඹ (531), කලුතර (116)ක් ලෙස වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත දිස්ත්‍රික්ක වෙයි.
සෙසු පුද්ගලයන් 671 දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය කෙටියෙන්
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් 115589
සුවය ලැබූ සංඛ්‍යාව 99153
තවමත් ප්‍රතිකාර ලබන 15727
ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායනය වන 10014
ජීවිතක්ෂයට පත්වූ 709
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

