අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට කටුනායකදී අතරමං
ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද (31දා) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියද, උන්වහන්සේ අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම නිසා පැය 12 කට අධික ප්‍රමාද වීමකින් පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්කර හැර තිබේ.
අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද දින අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයට ඊයේ (30දා) දින රාත්‍රී 10.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර තිබේ .
ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු නිමා කර , අදාළ ගුවන් යානයට පිවිසීම සදහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන් ගෙන සිට තිබේ.
ඒ අතර එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර වෙත යාම සදහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් ද මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ.
ඉන් මද වේලාවකට පසු විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති - ඇමතිවරුන් පිරිස , විශේෂ බස් රථයක් යොදා ගනිමින් තායිලන්තය බලා පිටත්ව යන ගුවන් යානය වෙත රැගෙන ගොස් තිබේ.
ඉන්පසුව 05/31 දින අලුයම 02.30 ට පමණ මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ වැඩ වාසය කරමින් සිටි මෙම හිමියන්ගේ ගුවන් ගමන අවලංගු කර ඇති බව දැනුම් දී තිබේ.
පසුව මෙම හිමියන් 05/31 දින අලුයම යළිත් ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු සිදු කර , එදින උදෑසන 10.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරිය බැව් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ඒ වනවිට උන්වහන්සේ පැය 12 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළ තුළ අපහසුතා මධ්‍යයේ රැදී සිට තිබුණි .
popular news
-
samson de silva Thursday, 01 June 2023 02:57 AM
Meka buddhagamata karapu mahaa nindaawak. Unwahansewa rasthiyaadu karawapu guwan thotupala niladareen wahaama allaa hiragedara damawu!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

