ශ්‍රී ලංකා සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති තනතුරේ වැඩ භාර ගැනීමට යමින් සිටි පුද්ගලයෙකුට පාදුක්ක වල්පිට තිසර උයන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (05) දා උදෑසන වෙඩි තබා පළා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා පාදුක්ක වටවල තිරසර උයන ප්‍රදේශයේ පදිංචිව ඇති අතර සමූපකාර රක්ෂණ සමාගම සමාගමේ සභාපති තනතුරු සදහා රාජකාරි භාරගැනීමට 05 දා උදෑසන යමින් සිටියදී නිවසට යාබද වටවල ගැමුණු මාවතේ පාළු ප්‍රදේශයකදී පුද්ගලයින් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තබා පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පැවසේ .
එහිදී වෙඩි තැබීම් තුනක සලකුණු මෝටර් රථය දක්නට ලැබේ.
වෙඩි තැබීමෙන් මෙම පුද්ගලයාගේ දකුණු අතට තුවාල සිදුවී ඇති අතර ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචිමාර්ග පවසයි .
නව තනතුර ලබා ගැනීම සම්බන්ධයෙන් තවත් පාර්ශවයක් උත්සාහ දරා ඇති අතර එය ව්‍යාර්ථ වීම මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි .
පලා ගිය සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.
සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණි .
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මකයි
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

