නිදහස් පෙරහුරුවට පාරවල් වැසේ
- 23 01 2019
- 12:58
- {{hitsCtrl.values.hits}} views
- ..
නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන් ලබන 26 වනදා සිට පෙබරවාරි මස 03 වනදා දක්වා කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝටස් වටරවුම දක්වා වන මාර්ගය පැය 06 හමාරක පමණ කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි.
එම දිනවල උදෑසන 06.30 සිට පස්වරු 01.00 දක්වා අදාළ මාර්ගය වසා තබන බව පොලීසිය සඳහන් කළේය.
මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
