මරණයෙන් කෙළවර වූ විහිළුව
මොරටුව එගොඩඋයන පොලිස් බල ප්රදේශයේ තරුණයකු විසින් මහලු පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින් විහිළුවට දැමූ වෙට්ටුව වැරදියියි මහලු පුද්ගලයා කාණුවකට වැටී ඊයේ (14දා) මියගොස් ඇති බව මොරටුව එගොඩඋයන පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 308/2 මෝදර මොරටුව ලිපිනය පදිංචිව සිටී (71) තෙල්ගේ ඩිල්මන් පෙරේරා නැමැති අයෙකි.
මරණකරු හා සැකකරු අතර විටින් විට විහිළු තහළු සිදුව ඇති බවත් අදාළ සිද්ධිය වූ දින ද සැකකරු විසින් මරණකරු වෙතට පාපැදිය ඇඟට කපා ඇති බවත් එහිදී ඇතිවූ සිදුවීමේදී මරණකරු කානුවට වැටී හිස කාණු ගැට්ටේ වැදි ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.
කාණුවට වැටුණු මරණකරු සැකකාර තරුණයා විසින්ම රෝහල් ගත කර ඇති බව සඳහන් කරන පොලීසිය රෝහල් ගත කිරීමේදී ඔහු මරණයට පත්වී ඇති බව පැවසීය.
එමෙන්ම මරණකරුගේ මරණයත් සමග සැකකරු පොලීසියට භාර වී ඇති බව පොලීසිය පවසයි.
මෙම සැකකරු සහ මරණකරු මොරටුව මෝදර ප්රදේශයේම පදිංචි පදිංචිකරුවන් බව සඳහන් කරන පොලීසිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු තරුණයාගේ වයස අවුරුදු විසි හතරක් බව පැවසීය.
මෘත දේහය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මහේස්ත්රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා මොරටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

