ඒලියන්ත වයිට් කොවිඩ් නිසා ජීවිතක්ෂයට
කොවිඩ් 19 හේතුවෙන් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මීට සති දෙකකට පමණ ඉහතදී ඔහුට කොවිඩ් රෝගය ආසාදනය වී තිබුණි. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක කොවිඩ් රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙක් වූ ඒලියන්ත වයිට් මහතා ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේම රෝගාබාධ සුවකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසලීය. ඒ අතර ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගේ නමද සඳහන් විය.
කොවිඩ් රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට යැයි සඳහන් කරමින් ඒලියන්ත වයිට් මහතා ලබාදුන් මුට්ටියක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් ගංඟාවලට දැමීම සමාජය තුළ මහත් කථාබහක් නිර්මාණය වූ සිදුවීමක්ද විය.

popular news
-
samson de silva Wednesday, 22 September 2021 11:52 PM
Muttiya wedakeruwe nehe wageyi. Lankawe covid uwadura pathireemata hethu wunu thawath eka kaalakanniyek. Waidy widyaa wisheshangayinwa peththakata daalaa aanduwa upades gaththe mey wagey ewungen neda?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

