රත්තරන්ට ඇප
(UPDATE) චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරං සහ ඔහුගේ රියදුරුවන විතානගේ කැලුම් සමිර හෙවත් සුදා යන සැකකරුවන් අප මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (05) නියෝග කළාය.
එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරිණි.   
 
සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගැනිමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. වැඩිදුර විභාගය 18 වැනි දිනට කල් තැබීය.
3.56 PM රත්තරන් අත්අඩංගුවට
දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් 'රත්තරං' සහ ඔහුගේ රියැදුරා ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අද (05දා) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරේ චීන ජාතික කාන්තාවක දූෂණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම චීන ජාතික කාන්තාව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් පැවැසුවේ හිටපු මන්ත්‍රීවරයා තමන්ව දූෂණය කළ බවත් ඒ සඳහා පැමිණිලි කළද නීතිය ක්‍රියාත්මක නොවූ බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                