මන්නාරම් සමූහ මිණිවලේ සම්පූර්ණ සාම්පල වාර්තාව ඇමරිකාවෙන් ලැබෙයි
මන්නාරම් සමූහ මිණිවලේ ඇටසැකිලි කාබන් පරික්ෂණය වෙනුවෙන් ලබා ගත් සාම්පල 6ම සම්පූර්ණ වාර්තාව ඊයේ (05) සවස වනවිට ඇමරිකාවේ සිට මන්නාරම් අධිකරණයට එවා ඇති බවට සමූහ මිණීවලේ කැනීම් භාරව සිටින අධිකරණ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
පසුගිය පෙබරවාරී 16 වනදා මන්නාරම් සමූහ මිණීවලෙන් කාල නිර්ණය සඳහා ලබාගත් සාම්පල 6න් 5ක වාර්තාව ඇමරිකාවේ ෆොරීඩාහි පිහිටි බීටා ඇනලටික් නැමති රසායනාගාරයේ සිට එවා තිබුණද අදාළ වාර්තාව මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජ් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කොට සිටියේ අදාළ සාම්පල 6ම සම්පූර්ණ සත්‍ය වාර්තාව මන්නාරම් අධිකරණයට ලැබීමෙන් පසුව එම වාර්තාව ප්‍රකාශයට පත් කරන බව පැවසීමෙනි.
එමෙන්ම මන්නාරම් අධිකරණයට මෙන්ම තමන් වෙතටද අදාළ සාම්පල 6ම සම්පූර්ණ සත්‍ය වාර්තාව ඇමරිකාවේ සිට එවා ඇති බවටත් මන්නාරම් අධිකරණයෙන් අදාළ වාර්තාව විවෘත කල පසුව තමන්ද එම වාර්තාව විවෘත කරන බවටද වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

popular news
-
Champa Wednesday, 06 March 2019 04:08 PM
හා හා හා දැන් මන්නාරමේ වගේ කොළොඹ කනත්තත් හාරනවද? තව වැහිච්ච කනතු හෙවත් සමූහ මිනි වලවල් හුඟක් තියෙනව ලංකාවේ. මම දන්නා විදිහට මුස්ලිම් මිනිස්සු මිනි පෙට්ටි පාවිච්චි කරන්නේ නැහැ. මිනිය හෝදලා පැය විසි හතරක් ඇතුලත එහෙම්ම නිකම්ම වලලනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

