පළාත් පාලන ආයතන නිළ කාලය ලබන 19 දිනෙන් අවසන් වන බැවින් එදින නිවාඩු දිනයක් වු නිසා නිළ කාර්යාලය,වාහනය ඇතුලු සියලුම බඩු බාහිරාදිය නාගරික කොමසාරිස්වරයාට භාරදී පස් වසරක ධුර කාලය නිමා කරමින් බණ්ඩාරවෙළ මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (17දා) දින ධුරයෙන් නික්ම ගියේය.
ආසියාවේ ළාබාලතම නගරාධිපතිවරයා වු ජනක නිශාන්ත රත්නායක මහතා පසුගිය වසර පහක තම ධුර කාලය තුළදි බණ්ඩාරවෙළ මහ නගර සභාවෙන් බිලියන 1.5ක මුදලක් වැයකරමින් ප්‍රදේශයට සංවර්ධන ව්‍යපෘති රැසක් දායාද කර තිබේ.
ප්‍රදේශයේ සියලුම මාර්ග කාපටි කිරීම,සංචාරක පුරවරයක් ස්ථාපිත කිරීම,නව ගොඩනැගිලි ඇතුලු වෙළෙද සංකීර්ණ ඉදිකිරීම,නගර අලංකරණය ඇතුළු ප්‍රදේශයේ යටිතල පහසුකම් සියල්ල සංවර්ධනය කිරීමට කටයුතු කර තිබේ.
රුපියල් කෝටි 17ක් වැය කරමින් ඉදිකළ සීවලී පාරේ කඩ කාමර 40කින් යුත් පස් මහල් පොදු වෙළදපොළ සංකීර්ණය,කුරුදුගොල්ල ගම්මානයේ බහුකාර්ය්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම 17 දින දිනයේදි සිදු කරමින් එහිදි නගර සභාවේ සේවකයින් සියලුම දෙනාට තුති පුදකර අනතුරුව නගරයේ පොදු සුසාන භුමිය ආශිතව රුපියල් කෝටි පහක් වැයකරමින් ඉදිකරමින් පවතින අවමංගල්‍ය සේවා සැපයිමේ ශාලාව නිරීක්ෂණ චාරිකාවකටද නගරාධිපතිවරයා සහභාගි විය,
මෙම අවස්ථාවට ඌව පළාත් පාලන කොමසාරිස් එච්.එම් නන්දසේන මහතා,පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ නිළධාරීන් ඇතුළු,නාගරික මන්ත්‍රිවරුන්,නගර සභාවේ සියලුම සේවකයින් මෙම උත්සව අවස්ථාවන්ට සහභාගි විය,
ප්‍රසන්න පද්මසිරි




