කලවංචිකුඩි මූලික රෝහලට ලාදුරු ප්රතිකාර මධ්යස්ථානයක්
මඩකලපුව, කලවංචිකුඩි මූලික රෝහල් පරිශ්රයේදී ලාදුරු රෝගීන් සඳහා වන අඛණ්ඩ ප්රතිකාර මධ්යස්ථානයක් නිල වශයෙන් විවෘත කරන ලදී.
මඩකලපුව ශික්ෂණ රෝහලෙන් ප්රතිකාර ලබන ලාදුරු රෝගීන්ට තම අඛණ්ඩ ප්රතිකාර සේවාවන් කලවංචිකුඩි මූලික රෝහලෙන් ද ලබාගැනීමේ පහසුකම් සැලසීමේ අරමුණින් මෙම ප්රතිකාර මධ්යස්ථානය විවෘත කර ඇත.
ලාදුරු යනු සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි. රෝග ලක්ෂණ මතු වූ වහාම මුල් අවධියේදීම වෛද්ය ප්රතිකාර ලබාගැනීමෙන් රෝගයෙන් සිදුවිය හැකි බලපෑම් හා සංකූලතා වළක්වා ගත හැකිය. නිසි ප්රතිකාර නොලැබුවහොත්, මෙම රෝගය මගින් ස්නායු හා සමට හානි සිදුවී ශරීරාංග විකෘති වීමට හෝ අහිමි වීමට ද හේතු විය හැක.
මෙහිදී අදහස් දැක්වූ දිස්ත්රික් ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂවරයා ප්රකාශ කළේ, රෝගීන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් වාලච්චේන ප්රදේශයේ ද මෙවැනිම අඛණ්ඩ ප්රතිකාර මධ්යස්ථානයක් ආරම්භ කළ බවයි.
එමෙන්ම, 2035 වසර වන විට ශ්රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ප්රජා වෛද්ය විශේෂඥ නිලුකා ගුණතිලක මහත්මිය මෙහිදී අවධාරණය කළාය.
මඩකලපුව ජවුෆර් ඛාන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

