හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා (65) ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය.
බිංගිරිය හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයෙකු වූ මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා පසුගිය වසරේදී ඉන් ඉවත්වූයේය.
එවකට ඔහු බිංගිරිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විය.හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව කාලයේදී ඔහු නියෝජ්‍ය ඇමති ධුරය හෙබවූයේය.