හෙරෝයින් ජාවාරමේ නිරත වු පස්දරු මවක් අත්අඩංගුවට
උපකාරක පංතිවලට සහභාගිවන පාසල් සිසුන් ඉලක්කකරගෙන මත්කුඩු ජාවාරම් කිරිමේ නිරත පස්දරුමවක් හෙරෝයින් මත්කුඩු ග්රැම් 05ක් හා මිලිග්රැම් 210ක් සමග අද ගාල්ල කන්දවත්ත ප්‍රදේශයේ දි (27) අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව 55 හැවිරිදිවියේ පසුවන තැනැත්තියකි.
ඇය සන්තකයේ තිබි ජාවාරම් කිරිම සදහා පැකට්කරණු ලැබු මත්කුඩු පැකට් 45ක් සොයාගත් බවද පොලිසිය පවසයි. එවායේ මත්කුඩු ග්රැම් 05ක් හා මිලිග්රැම් 210ක තිබු බවද පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටියදි අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයකු විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙකි සැකකාරිය මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇත. මෙකි කාන්තාවගේ පුතා හා සැමියා මත්කුඩු ජවාරම් කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බවද පොලිසිය පවසයි. මිට පෙර මෙකි කාන්තාවගේ පුතෙකු මත්කුඩු ග්රැම් 05ක් හා සැමියා මත්කුඩු ග්රැම් 02ක් ළග තබාගෙන සිටියදි අත්අඩංගුවට ගෙන තිබුණි.

popular news
-
Kumar Sunday, 27 September 2020 08:08 PM
As usual the police arrest small narcotics venders and not the wholesalers who provide the packets to the merchants of death. What you are doing is to show the masses that you are doing something.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

