අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සවිකර තිබෙන සීසීටීවී දර්ශන වසර එකහමාරක කාලයක සිට අක්‍රීයව පැවති ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එහි උසස් නිලධාරීන් ඒ පිළිබඳ අවධානයක් යොමු කිරීමට කිසිදු උනන්දුවක් නොදක්වා ඇතැයි දැනගන්නට ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාගේ පලායාමේ සැලසුම අසාර්ථක වීමත් සමඟම නින්දෙන් අවදි වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කඩිමුඩියේ එම සිසිටිවි කැමරා පද්ධති අලුත්වැඩියා කිරීමට කටයුතු කරමින් සිටින බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.