ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුගේ ඇප ඉල්ලීම් සහ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් කරන ලෙසට ඔවුන්ගේ නීතිඥවරුන් විසින් කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණය විසින් අද (29) ප්රතික්ෂේප කර ඇති බව වාර්ථා වෙයි.
තම අධිකරණය විසින් දුන් නියෝගයකට එරෙහිව, නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබෙන බැවින්, මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම් සලකා බැලිය නොහැකි බවයි විනිසුරුවරයා සිය නියෝගය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
( I J)