සේනානායක - බණ්ඩාරනායක දේශපාලනය කරනවනම් එය හාස්‍යයක්
කවුරැන් හෝ ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කිරීමට යන්නේනම් එය හාස්‍යක් බව ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේදී අද (23දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
රාජපක්ෂවරැන්ගේ කොඩිවින කැපූ කපුවා විසින්ම අද වන විට එක්සත් ජාතික පක්ෂයට දෙහි කපන බවට එහිදී කී අමාත්‍යවරයා, මුල සිට කකුලෙන් අදිනු ලැබූ අය කවුරැන්දැයි එක්සත් ජාතික පක්ෂය දන්නා බවත් එසේම ඇතැම් අය කළගුණ නොදන්නා සේ මේ වනවිට කටයුතු කරන බවත් පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය තුල මේ වනවිට ඩී. එස්. සේනානායකවරැන් නොමැති සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බණ්ඩාරනායවරැන්ද මේ වනවිට නොමැති බවයි.
ඒ අනූව වර්තමානයේදී කවුරුන් හෝ ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායක වන්නට යන්නේනම් නම් එය හාස්‍යයට ලක්විය යුතු කරුණක් බවද කී සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින්,
“මේවා ඇහෙනකොට මට හිනාත් යනවා. ඩී. එස්. සේනානායකලා කළ දේශපාලනය වෙනස්. බ්‍රිතාන්‍යයන් මෙරට පාලනයට ඇඟිලි ගසන සමයේ මෙරට ප්‍රභූ පැලැන්තිය වන ඩී.එස්.සේනානායක, බණ්ඩාරනායක වැනි අය පෙළ ගැසී දේශපාලනය කළා. අද ඒ දේශපාලනය කවුරුන් හෝ කරන්න ගියොත් ඔහුට පිස්සු යැයි ජනතාව සිතාවි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වෙමින් ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග වැනි අය නායකත්වයේ සිටියා. ඒ අය ප්‍රභූ පැලැන්තියෙන් හෝ වලව් වලින් ආ අය නෙවේ. නමුත් එක්සත් ජාතික පක්ෂයට ජනතාව ඡන්දය දුන්නා. වර්තමානයේ කව්රුන් හෝ ඩී. එස්.සේනානායක හෝ බණ්ඩාරනායක වෙන්න හදනවා නම් එය හාස්‍යයට ලක්වියයුතු කරුණක්” යැයි පවසා සිටියේය.
2014 වසරේ තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය සමඟ සන්ධානගත වන විට බලාපොරොත්තු වූ ඩී. එස්, ඩඩ්ලි සේනානායකගේ එක්සත් ජාතික පක්ෂය එහි නැති බව තේරුණේ පසුව යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

popular news
-
Champa Tuesday, 23 October 2018 07:53 PM
ලංකාව දැන් ඉන්දියන් සාගරයේ සිනා සාගරය බවට පත් වෙලා තියෙන්නේ වහල් ආණ්ඩුවේ දෛනික විගඩම් නිසා.
Reply : 2 0
Lanka Perera Wednesday, 24 October 2018 04:53 AM
ඔබේ කටේ මසුරන් දාන්න ඕනේ
Reply : 0 2
rocky Wednesday, 24 October 2018 07:12 AM
ඔබතුමා හරියටම හරි!
Reply : 0 2
sam Sunday, 28 October 2018 08:59 AM
කෙසේ වෙතත් ඔබතුමාගේ කතාව නිවැරදී ,"2014 වසරේ තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය සමඟ සන්ධානගත වන විට බලාපොරොත්තු වූ ඩී. එස්, ඩඩ්ලි සේනානායකගේ එක්සත් ජාතික පක්ෂය එහි නැති බව තේරුණේ පසුව යැයි " කීම ජනදීපති වරයකුට උචිත නොවේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

