සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව ප්‍රකාශයට - හිටපු නගරාධිපති අවුරුදු 5ක් හිරේට
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට සාපරාධී බලහත්කාරය කිරීමේ චෝදනා යටතේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින එහි 1 වැනි සැකකරු වන ප්‍රේමසිරි පරණමාන්න හා පස්වැනි සැකකරු වූ හමිබන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර යන අයට වසර පහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හම්බන්තොට මහාධිකරණය නියම කළේය.
එම නඩුවේ දෙවැනි, තෙවැනි හා සිවුවැනි විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. සැකකරුවන්ට චෝදනා 29ක් යටතේ නඩු පවරා තිබුණේ.
බරපතල වැඩ සහිත සිර දඬුවමට අමතරව එක් එක් චෝදනා වෙනුවෙන් සමස්ථයක් ලෙස එක් අයෙකුට රුපියල් 130000 බැගින් දෙදෙනාටම රුපියල් 260000ක දඬයක් නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක් නියම කළේය.
එසේම අගතියට පත් පාර්ශ්වයන්ට වන්දි ලෙස චූදිතයන් දෙදෙනාට රැපියල් 650000 බැගින් රුපියල් ලක්ෂ 13ක දඬයක්ද නියම කළේය.
එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක්ද නියම කළේය.
සූරියවැව ණුවන් ජයසේකර

popular news
-
Lion Friday, 02 August 2019 12:32 PM
මෙවැනි සාදාරන තීන්දුදෙන විනිශ්ච කාරතුමන්ලට අපේ ආචාරය
Reply : 0 10
Sanath Friday, 02 August 2019 02:19 PM
යුක්තිය ඉටු උනාට සතුටු වෙනවා.
Reply : 0 8
Deepal Nirosh Friday, 02 August 2019 03:26 PM
ප්‍රමාද වී හෝ සාධාරණය ඉටු වීම ඉතා යහපත් දෙයක්. පොලාසිය අනිකුත් නඩුවලදිත් මේ විදියටම සාක්කි මෙහයවනව නම් ඉතින් කොහොම යුක්ති ගරුක සමාජයක් බිහි වේවි ද?
Reply : 0 1
saman Friday, 02 August 2019 06:13 PM
ඇත්ත වශයෙන්ම ඉතාමත් යුක්ති සහගත තීන්දුවක් බව පැහැදිලියි. ඒ අතරම මෙය අනෙකුත් නැගී එන දේසපාලන නොසංදාලයන්ට හොඳ පාඩමක් වේවි කියා හිතනවා.
Reply : 0 1
සංජීව Friday, 02 August 2019 07:23 PM
ඉතාම හොදය. දැන් ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න නෝනා ජීප් අරගෙන ගිහින් කිඩ්නැප් කරපු එකටත් මේ දඩුවම දෙන්න ඕන. විරුද්ධ පක්ෂයේ අයට විතරක් දඩුවම් කරලා මදි.
Reply : 0 1
Gamarala Saturday, 03 August 2019 08:20 AM
Hospital admit weida? Janadipathi samawa lebei very soon.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

