සීයා සමග තෘණ කැපීමට කෙසෙල්ගමුඔය අභියසට ගිය මුණුබුරා කෙසෙල්ගමුඔයේ වැටී (01) දින ජීවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්පොඩ් වත්ත පදිංචිව සිටි එම වතුයායේ පාසලේ 5 වසරේ අධ්යාපනය ලබමින් සිටි පෙනිස් තිබන් නැමති 10 හැවිරිදි පාසල් සිසුවායි.
එම සිසුවා (01) දින දහවල් සීයා සමග කෙසෙල්ගමුඔය අසළට ගොස් ඇති අතර, සීයා තෘණ කපා තම මුණුබුරා සොයන අවස්ථාවේ නොසිටි නිසා අසල්වාසීන්ගේද සහයෝගය ඇතිව කෙසෙල්ගමුඔයේ බැස සෙවීමේදි සිසුවාගේ සිරුර කෙසෙල්ගමුඔයේ තිබි සොයා ගත් බවයි බගවන්තලාව පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
සිරුර බගවන්තලාව ප්රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, සිරුර පෂ්චාත් මරණ පරික්ෂණ සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්යවරයා වෙත යොමු කරන බව බගවන්තලාව ප්රාදේශීය රෝහලේ දිස්ත්රික් වෛද්ය නිළධාරි ඒ.එස්.කේ. ජයසූරිය මහතා පැවසිය.


