සීනි සදහා මුදල් අමාත්‍යාංශයෙන් අලුතෙන් පැනවු රුපියල් 49.ශත 75 ක බදු මුදල හා බදු මුදල් ගැසීමට පෙර මෙරටට රැගෙන ආ සීනි තොග සම්බන්ධයෙනුත් ගත යුතු පියවර සම්බන්ධයෙන් 20 වනදා තීරණයක් ගනු ලබන බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.
වෙළද අමාත්‍යවරයා මෙලෙස පවසා සිටියේ 19 දින ජා-ඇල ඒකල රැම් රිච් උත්සව ශාලාවේදී දී මාධ්‍යව්දීන් ඇසූ පැනයකට පිලිතුරු දෙමිනි.
ඒ මහපොළ වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළිය නැවත ආරම්භ කිරීම පිළිබඳව සම්බන්ධයෙන් ජා-ඇල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන කට එක් වු අවස්ථාවේ දීය.
නැවතත් ගජ මිතුරන්ට මුදල් හම්බ කිරීමට අවස්ථාවක් ලබාදීම මෙම බද්ධ පැනවීමට හේතු වුවා දැයි මාධ්‍ය වේදීන් ප්‍රශ්න කල අවස්ථාවේදී නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ පාරිභෝගිකයන් හැම විටම අහන්නේ ශත 25 බද්ද ට ආනයනය කළ සීනි තොග සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කවරක් ද වන බවයි.
ඒ අනුව පාරිභෝගික අමාත්‍යාංශයේ නිලධාරීන් පසු ගිය දිනවල වැටලීම් කරමින් රට තුළ තිබෙන සීනි තොග පිළිබදව ගණනය කිරීමක් කල බවත් බද්ධ පැනවීමට දින 03 කට පෙර එක් ව්‍යාපාරිකයකු විසින් සීනි මෙට්‍රික් ටොන් 8000 ක් එකවර ආනයනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කළහ.
බදු ගැසීමට පෙර ඒ පිළිබඳව අදාළ ආනයන කරු දැන සිටියේද යන්න පරීක්ෂණ වාර්තාව ලැබුනු පසු කිව හැකි වනු ඇතැයි ද නලීන් ප්‍රනාන්දු අමාත්‍ය වරයා පැවසීය. බදු ගැසීම හා අඩු කිරීම කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් වන බැවින් එය නිසි අධ්‍යයනයකින් පසුව කල යුතු බවත් එවැනි අවස්ථා පිට අයට දැන ගැනීමට අවස්ථාව ලැබීම වලක්වා ගත යුතු බවත් මෙහිදී වෙළද අමාත්‍යවරයා කියා සිටියේය. කෙසේ වුවද උත්සව සමයේ අවශ්‍ය කිසිදු භාණ්ඩයක් වෙළද පොළ තුළ හිග වීමට තමන් ඉඩ නොතබන බවද වෙළද ඇමති වරයි පැවසීය.