සූරියකන්ද පොලිස් වසමේ, සිංහරාජ වනයේ අලුත් ඉල්ලම ප්ර දේශයේ එනසාල් කැඩීමට ගිය කාන්තාවන් දෙදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
පෙරේදා (12දා) උදෑසන මෙම අතුරුදවීම සිදුව ඇති අතර මේ පිළිබඳව පැමිණිල්ලක් ඊයේ සිදුකර තිබේ. පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය මේ වන විට ප්ර දේශවාසීන්ගේ උපකාර ඇතිව අතුරුදන්වූ කාන්තාවන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.