මධ්යම ස්පාඤ්ඤයේ සිදු වූ අධිවේගී දුම්රිය අනතුරෙන් මේ වන විට මිය ගිය පුද්ගලයන් සංඛ්යාව 68ක් දක්වා වර්ධනය වි තිබේ. තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
බදාදා උදෑසන මැඩ්රිඩ් සිට සෙවිල් දක්වා ගමන් කළ දුම්රියක් තවත් දුම්රියක (ධවන පථයේ නතර කර තිබූ දුම්රියක පසුපස) ගැටීමෙන් එය සිදු විය.
ප්රවාහන අමාත්යවරයා පැවසුවේ පරිගණක බිඳවැටීමක් සහ පුද්ගල දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවත්, එය යුරෝපයේ නූතන ඉතිහාසයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුරක් බවත්ය. එසේම වසර 13 කට පසු ස්පාඤ්ඤයේ සිදු වූ මාරාන්තික දුම්රිය අනතුර මෙය වෙයි.
පෞද්ගලික දුම්රිය ක්රියාකරුවෙකු වන ඉර්යෝ විසින් ධාවනය කරන ලද ධාවන පථයේ නතර වී තිබූ දුම්රියේ මගීන් 147 දෙනෙකු සිටි අතර, පරිගණක දෝෂයක් හේතුවෙන් එය ධාවන පථයේ නතර වී තිබේ.
ෙමගීන් 397 දෙනෙකු රැගෙන ගිය ස්පාඤ්ඤ රජයට අයත් දුම්රිය සමාගමක් වන රෙන්ෆේ විසින් ධාවනය කරන ලද තවත් දුම්රියක් ධාවන පථයේ නතර වී තබූ දුම්රියේ පසුපසින් ගැටී තිබේ.

