ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයට දකුණින් පිහිටි මෝරා සහ ඔර්ගාස් නගර සභා අතර උදෑසන අධිවේගී දුම්රිය දෙකක් ගැටී දැරුණු අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව ජුන්ටා ඩි කැස්ටිලා-ලා මැන්චා කලාපයේ ප්රාදේශීය රජයේ ප්රකාශිකා එස්තර් පැඩිල්ලා දේශීය රූපවාහිනියට පවසා තිබේ.
පැඩිල්ලා කැස්ටිලා-ලා මැන්චා මාධ්යයට පවසා ඇත්තේ මරණ සංඛ්යාව වැඩි විය හැකි බවයි රෙන්ෆේ දුම්රියක් සහ මැඩ්රිඩ් සිට සෙවිල් දක්වා මාර්ගය ආවරණය කරන ඉරියෝ සමාගමේ තවත් දුම්රියක් අතර සිදුවීම සිදුවී ඇති බව දුම්රිය ක්රියාකරු ඇඩිෆ් පවසයි. ඉදිරියෙන් ධාවනයවූ දුම්රියක ඊට පසුපසින් පැමිණි දුම්රියක් ගැටි මෙම අනතුර සිදුව තිබේ.
ස්පාඤ්ඤ හදිසි සේවා ප්රකාශකයෙකු AFP වෙත පවසා ඇත්තේ "ගිනි නිවන භටයින් කිහිපයක්, හෙලිකොප්ටර් තුනක් සහ ජංගම දැඩි සත්කාර ඒකක දෙකක්" ඇතුළුව "සියලු ආපදාඋපකාරක සම්පත් දැනට යොදවා ඇති" බවයි.