සරසවි අනධ්‍යයන සේවකයෝ සේවයෙන් ඉවත් වෙති
ජනාධිපති අතිරේක ලේකම්වරයා සමග පැවැති සාකච්ඡා තුළින්ද නිසි විසඳුමක් නොලැබෙන බවත්, මේ නිසා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
පෙබරවාරි 28 වැනිදා සිට ඉල්ලීම් 06ක් මුල්කර ගනිමින් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙන බවද එම සංගමයේ සමසභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේය.
ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අනධ්‍යයන සේවකයන් කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමටද කටයුතු කළේය.
ඉන් පසුව විරෝධතාකරුවන් ජනාධිපතිවරයාට සන්දේශයක් බාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළද, ලෝටස් පාරේදී මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් වැළැක්වීමට පොලීසිය කටයුතු කළේය.
අනතුරුව වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ නියෝජතයන් 06 දෙනෙකුට ජනාධිපති අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට පොලීසිය අවස්ථාවක් ලබා දුන්නේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





