සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 14 වැනි බෞද්ධ සාහිත්‍ය උත්සවයට අගමැති එක්වෙයි
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 14 වැනි වරටත් සංවිධානය කළ බෞද්ධ සාහිත්‍ය උත්සවය සඳහා අද 2020.09.15 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්විය.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා එක්ව සංවිධානය කළ, මෙම බෞද්ධ සාහිත්‍ය උත්සවය කොළඹ 07, බෞද්ධ සම්මේලන ශාලාවේ දී පැවැත්විණි.
පරිවර්තන, පර්යේෂණ, නව ප්‍රබන්ධ, ගී කාව්‍ය නිර්මාණ, ශාස්ත්‍රීය පරිවර්තන, ළමා සාහිත්‍ය, ජනශ්රැති පර්යේෂණ ඇතුළු බෞද්ධ සාහිත්‍ය ඔපවත් කරන කෘතීන් උදෙසා මෙහිදී අගමැති අතින් සම්මාන හා ත්‍යාග ප්රදානය කෙරිණි.
බෞද්ධ මහා සම්මේලනයේ හිටපු ජ්‍යේෂ්ඨ සභාපති, මහාචාර්ය ගුණපාල මලලසේකර, බිතු සිතුවම් ශිල්පී සෝලියස් මෙන්දිස් සහ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමන්ලා සිහිපත් කරමින් මෙහිදී විශේෂ ගුණානුස්මරණ සම්මාන ප්‍රදානයක් ද සිදු විය.
ජ්‍යේෂ්ඨ මහාචාර්යවරුන් වන සුනිල් ආරියරත්න, මහින්ද සෝමතිලක, මහාචාර්ය අසංක තිලකරත්න, ආචාර්ය මාලිනී ඩයස්, විශාරද නන්දා මාලිනී ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සම්මානයට පාත්‍ර වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
