සෝමාවති වනෝද්‍යානයේ දඩයමේ ගිය තිදෙනෙක් කොටු
සුංගාවිල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ 19 වන දින සිදු කළ විශේෂ වැටලීමකදී සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ චුංගංගඟ ප්‍රදේශයේදී වල් ඌරෙකු මරා මස් කර රැගෙන එමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස දඩයමේ ගිය සැකකරුවන් කුඩා පටුනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වනජීවීය කියයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් ළඟ තිබී වල් ඌරු මස් කිලෝ ග්‍රෑම් 21, පිහියක් සහ විදුලි පන්දමක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 24 වන දින පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා හමුවට යොමු කිරීමට නියමිතය.
මැදිරිගිරිය -චාපා කුරුවිට

popular news
-
Champa Sunday, 20 January 2019 02:16 PM
හොඳ වැඩක් අල්ලපු එක. ඔය මිනිස්සු ආපු වාහන තියෙනව නම් රාජ සන්තක කරන්න ඕනේ. වල් ඌරු මස් ප්‍රවාහනය කරන්න අවසර දෙනවා කිව්වට පස්සේ මහින්ද අමරවීරගේ රස්සාවත් ගහල ගියා. :D :D
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

