සමරන්නේ නිදහස් උත්සවයද ජාතික උත්සවයද දන්නේ නෑ
මෙතෙක් කල් අප නිදහස් උත්සවය කියා සැමරුවත් මෙවර සමරන්නේ නිදහස් උත්සවයද, ජාතික උත්සවයද කියා තමන් තවමත් නොදන්නා බවත් කොහොමත් රටේ නිදහසක් නොමැති නිසා ජාතික උත්සවය කියා නම් කරන්නට ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (02දා) මහනුවරදි පැවැසිය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (02දා) පෙරවුරවේ මහනුවරට පැමිණ මහනුවර ශ්‍රී ඓතිහාසික දළදා මාළිගාවට ගොස් වැද පුදා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අතර ඉන් පසු මාධ්‍ය වේදින් නැගු ප්‍රස්න හමුවේ මේ බව සදහන් කළේය.
චමිල් රූපසිංහ
වත්මන් රජය ඇමැතිකම් වැඩිකරගැනිම සඳහා ජාතික රජයක් සෑදීමට යන බවත් ජනතාව රවටීමකින් තොරව ඇමැතිකම් වැඩිකරගැනිම සඳහා කියා ව්‍යවස්ථාව වෙනස් කරගතු යුතුවුවා නම් හොඳ බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
Priyantha Sunday, 03 February 2019 08:15 AM
අපෝ ඔබතුමාගෙ කාලෙනම් තරු පහේ නිදහසක් ප්රජාතන්ත්රවාදයක් තිබුනෙ.රෑට රෑට වගේම දවල්ටත් ඔබතුමාලට විරුද්ධව කතාකරපු අයව සුදුවෑන්වලින් ප්‍රවාහනය කලානෙ.බස් වලින් රස්තියාදු කරන්නෙ නැතුවම.
Reply : 0 5
Priyantha Sunday, 03 February 2019 08:31 AM
කොහොමත් දැන් බබෙක් වගේනෙ හැසිරෙන්නෙ.ඒ නිසා මොනවත් තේරෙන්නෙ නැතුව ඇති.පන්සලකට ගියානම් අදහස් ටිකක් එයි ගිරවා වගේ කියවන්න.
Reply : 0 0
Lion Sunday, 03 February 2019 05:55 PM
අපිට Mona නිදසක්ද ඔහෙලා ඒක අපෙන් පැහැරගැත්ත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

