සෙම්බුමලේ සේනාසනයට හා හමුදා කඳවුරට යන පාර වසා කුඹුරක් හදලා
කුච්චවේලි සෙම්බුමලේ ආරණ්‍ය සේනාසනයට සහ හමුදා කදවුරට දීර්ඝ කාලයක පටන් ගමන් ගන්නා පන්කුලම රක්ෂිතය හරහා දිවෙන මාර්ගය වසා හිටිහැටියේම එම මාර්ගය මැදි කර කුඹුරක් සකස් කර තිබේ.
මේ පිළිබඳව සොයා බැලීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙසින් විශේෂ කණ්ඩායමක් ඊයේ (28) පස්වරුවේ එම ස්ථානයට ගියේය.
පළාත් ඉඩම් කොමසාරිස් එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසානායක, කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරින් සහ එම ප්‍රදේශයභාර ග්‍රාම නිළධාරිවරයා ද ඒ ගැන සොයා බැලීමට ගියහ.
අනතුරුව එම කුඹුරේ අයිතිකරුවන් ද අදාළ ස්ථානයට ගෙන්වා එම මාර්ගය යළි විවෘත කරන ලෙසත් ආරණ්‍ය සේනාසනයට යන මාර්ගය යළි තිබු අයුරින්ම සකසා දෙන ලෙසත් පළාත් ඉඩම් කොමසාරිස්වරයා නියෝග කළේය.
අනතුරුව එම මාර්ගය වසා දැමූ පුද්ගලයාට පළාත් ඉඩම් කොමසාරිස්වරයා නියෝග කළේ රජයේ රක්ෂිතවල කිසිදු අවසරයකින් තොරව හිතුමතේ කටයුතු කිරීම මින් ඉදිරියට නොකරන ලෙසයි.
අදාළ භූමිය නීත්‍යානුකූලවම ඔහුට අයිතියක් තිබේද යන්න පිළිබදව වෙනම පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිතය. මේ අතර අනවශ්‍ය ලෙස මාර්ගය වසා කුඹුර සැකසු පුද්ගලයන් විසින්ම එම මාර්ගය යළි සැකසීම ඒ මොහොතේම ආරම්භ කළහ.





popular news
-
janahitha Wednesday, 30 September 2020 09:21 AM
hamudava yana margaya vahana kam balagena inna eya hamudavak nove avi ayuda venuvata udallak vath dila nathida rukada hamuda ape ratata avashya natha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

