සාමාන්‍ය පෙළ ලියා නිවසට යමින් සිටි සිසුවෙකු අනතුරකින් මියයයි
වව්නියාව සිදම්බර පුරම් ප්‍රදේශයේදි ඊයේ (09) දින යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු මිය ගොස් තවත් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
මෙම සිසුන් දෙදෙනා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටියදී සිදම්බරපුරම් වන්නි කොට්ටම් ප්‍රදේශයේදී වවුනියාව සිට සිද්ම්බරපුරම් බලා ගිය පෞද්ගලික බස්රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පී.බහිර්දන් නැමති සිසුවෙකු වන අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක් සිසුවා වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන බවටද පොලීසිය පැවසීය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර සිසුන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය සැක පල කර සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

