නාඋල ප්රාදේශීය ලේකම් කෝට්ඨාසයේ අඹන සමෘද්ධි බැංකුවට අනුයුක්තව, අඹන , මොරගහමඩ වසමේ රාජකාරි කළ සමෘද්ධි නිලධාරිවරයෙකුට ඊයේ (03) සිදුකල පහරදිමට අදාල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නාඋල ප්රධාන මහේස්ත්රාත් නාලක සංජීව වීරසිංහ මහතා අද (04) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බණ්ධනාගාර ගත වූයේ නාඋල - අඹන, මොරගහමඩ ලිපිනයේ පදිංචි පි.ජි.බණ්ඩාරමැණිකේ (43) සහ එම ලිපිනයේම පදිංචි දිලීප් පුෂ්පකුමාර (23) නැමති පුද්ගලයින් දෙදෙනායි.
සමෘද්ධි නිලධාරිවරයාට බැණ තර්ජනය කිරිම,රාජකාරියට බාධා කිරිම,සාපරාධි බිය ගැන්වීම හා පහරදීම යන චෝදනා යටතේ නාඋල පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක යු.පී.ජි.කේ. රත්නායක මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කළේය.
රජය මගින් මහජනතාවට ලබාදීම සදහා නිර්දේශ කල රුපියල් පන් දහසේ දීමනාව වසම් මට්ටමින් ලබාදීමට ක්රියාකිරිමේ දී අඹන , මොරගහමඩ ප්රදේශයේ දී තමන්ට පහරදීමක් සිදුකල බව සඳහන් කරමින් වසම්භාර සමෘද්ධි නිලධාරිවරයා නාඋල පොලීසියට ඊයේ (03) පැමිණිළි කර තිබිණි.
ඒ අනුව අදාල සැකකරුවන් නාඋල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නාඋල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිනි.
පහරකෑමට ලක් වුයේ නාඋල ප්රාදේශීය ලේකම් කෝට්ඨාසයේ අඹන සමාද්ධි බැංකුවට අනුයුක්තව මොරගහමඩ වසමේ රාජකාරි කළ සිසිර බණ්ඩාර හේරත් (49) යන අයයි.
ඔහු මේ වන විට බකමූණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇතැයි නාඋල පොලීසිය කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.
